මට හිතෙන විදියට රන්වලට සහතිකයක් නැහැ.. බිමල් රත්නායක

හිටපු කතානායක අශෝක රන්වල මහතාට මේ වන තෙක් ඔහුගේ උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බැවින් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කර තිබෙනවා.

අශෝක රන්වල මහතා තම ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කරන බවට ලබාදුන් පොරොන්දුවට මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී ඇති අතර ඔහු එය ඉදිරිපත් කිරීමට අසමත් වී තිබෙනවා.

ඒ සඳහා දේශපාලන වශයෙන් ඔහුට දිය හැකි ඉහළම දඬුවම ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එම දඬුවම වන්නේ රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයා ලෙස ඔහුගේ ධුරය අත්හිටුවීම බව ඔහු පවසනවා.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 360 දේශපාලන සංවාදය අතරතුරදීය.

“ඔහු රටේ තුන්වැනි පුරවැසියා. සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය තරම් කාලය දැන් ගත වෙලා. මම හිතනවා දැන් ඔහුට සහතිකයක් නැහැ කියලා. කථානායක තනතුරෙන් ඉවත් කිරීම කියන්නේ දේශපාලනිකව හා පෞද්ගලිකව ඔහුට දිය හැකි උපරිම දඬුවමයි”

එහෙත් පර්යේෂකයෙකු ලෙස ඔහුගේ තත්ත්වය කිසිවිටක අවතක්සේරු කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. මෙහිදී බිමල් රත්නායක පවසන්නේ පක්ෂය විසින් සිදු කළ පරීක්ෂණයකින් පසු ඔහු කථානායක ධුරයෙන් ඉවත් කිරිමට ගත් පියවර අනාගතයට පවා බලපාන තීරණයක් බවයි.

එමෙන්ම සම්මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුවූ බව කියන කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ගැන විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලත් පසුව ඔහුගේ ‘ආචාර්ය’ යන්න සටහන් වූයේ සභා නායක කාර්යාලය මඟින් යොමු කළ ලිපියක බව අනාවරණය වීමත් පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ “ඔයාලගේ වටිනා කාලය එවැනි තේරුමක් නැති කරුණු විමසීම සඳහා අපතේ යවන්න එපා” යනුවෙනි.

Latest News

error: Content is protected !!