කැමති වුවත් නැතත් සියලුම ඇමරිකානුවන් මේ ෆුට් බෝල් මැච් එක නැරඹිය යුතුයි… ට්‍රම්ප්ගෙන් නියෝගයක්

සියලුම ඇමරිකානුවන් කැමැති වුවද අකමැති වුවද පැය හතරක පාපන්දු තරගයක් අනිවාර්යයෙන් නැරඹිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. මෙම පාපන්දු තරගය වන්නේ හමුදා සහ නාවික පාපන්දු තරගයයි.

79 හැවිරිදි ට්‍රම්ප් මෙම නිවේදනය සිදු කර ඇත්තේ Truth Social ගිණුමෙහි සටහනක් තබමිනි. හමුදා සේවා ඇකඩමි දෙක අතර වාර්ෂික තරගය විකාශනය කිරීම සඳහා “සුවිශේෂී පැය හතරක විකාශන කවුළුවක්” අනිවාර්ය කරමින් විධායක නියෝගයකට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව එහි සඳහන් කර තිබුණා. මේ අනුව 2026 දෙසැම්බර් මස දෙවැනි සෙනසුරාදා තමාගේ පරිපාලනය යටතේ අමෙරිකාව හමුදා සහ නාවික හමුදාවන්ට අයිති දිනයක් පමණක් බව ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මෙම ජාතික ඉසව්ව වාණිජ ඇතුළු අනෙකුත් සියලුම ක්‍රීඩාවන්ට ඉහළින් පැවතිය යුතු අතර වෙනත් කිසිදු ක්‍රීඩාවකට හෝ කණ්ඩායමකට මෙම කාල සීමාව උල්ලංඝනය කළ නොහැකි බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

2026 හමුදා-නාවික හමුදා තරගය දෙසැම්බර් 12 වන දින නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. එය සෑම දෙසැම්බර් මාසයකම පැවැත්වෙන අතර වෙස්ට් පොයින්ට් හි එක්සත් ජනපද හමුදා ඇකඩමියේ කැඩෙට් නිලධාරීන් සහ ඇනාපොලිස් හි එක්සත් ජනපද නාවික ඇකඩමියේ මිඩ්ෂිප්මන්වරුන් අතර මෙම තරගය පැවැත්වෙනවා.

Latest News

error: Content is protected !!