විදුලිබල උත්පාදනය සඳහා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතා කිරීමෙන් ඇති විය හැකි අහිතකර බලපෑම් පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට රජය සූදානම් නැති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.
ඊනියා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය හේතුවෙන් ගැටලුවක් ඇති වූ බවට සාක්ෂි ඉදිරිපත් කළහොත් පමණක් රජය එයට පිළිතුරු දෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙම බාල තත්ත්වයේ ගල් අඟුරු විදුලිබල උත්පාදනය සඳහා භාවිතා කළහොත් කල්පිටියේ ජනතාවට සිදුවිය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය කිසියම් පියවරක් ගෙන තිබේද යන්න පිළිබඳව විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ඔබ සිතන තත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ හැකියාවක් මට නැහැ. ඊනියා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය නිසා එවැනි ගැටළුවක් ඇති වන බව සාක්ෂි සහිතව ඔප්පු වූ පසු මම එයට පිළිතුරු ලබා දෙන්නම්” අනාවැකි මත පදනම්ව ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකි බව අමාත්‍යවරයා එසේ අවධාරණය කර තිබෙනවා.
