හරිනිට එරෙහි විශ්වාසභංගය කෝ යැ‍යි ඇසූ විට යකා වැහුණු සජිත්…

විපක්ෂය විසින් පසු ගිය දා නිවේදනය කරනු ලැබු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මෙම පාර්ලිමේන්තු සතිය තුළම විවාදයට ගත යුතු යැයි සභා නායක බිමල් රත්නායක හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (20) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කියා සිටියේ යම් හෙයකින් විශ්වාස භංග යෝජනාව බ්‍රහස්පතින්දා හා සිකුරාදා විවාදයට නොගන්නේ නම් අධ්‍යාපන ප්‍රතිසංසකරණය පිළිබඳ කාරක සභා විවාදයකට රජය සූදානම් බවයි.

ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම විශාල යාන්ත්‍රණයක් බවත් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටියක් පවතින බවත් පැවසුවා.

එය කිසිවකුට ඕනෑ ආකාරයෙන් ප්‍රකාශ කිරීමට විපක්ෂය සූදානම් නැති අතර අනිවාර්යයෙන් නිසි මොහොතේ නිසි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායකවරයා සඳන් කර සිටියා.

“විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමේ අයිතිය අපට තියෙනවා. කාලය වේලාව ස්ථානය තීන්දු කිරීමට අපට පුළුවන්. ඒක තීන්දු කරන්නේ ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කියන කියන වෙලාවට කියන කියන තැන්වල විශ්වාස භංග යෝජනාවලි ගේන්න අපි සූදානම් නැහැ. “එමෙන්ම බදාදා සිටම දින තුනක අධ්‍යාපන විවාදයට විපක්ෂය සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා.

එහි දී නලින්ද අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් පැවසුවේ “දාපු සද්දේ හැටියට මම හිතුවා අද ඉඳලම තියෙයි කියලා විවාදේ.. අත්සන් පුස්කන්න කලින් ගේන්න” යනුවෙනි.

Latest News

error: Content is protected !!