රනිල් ChatGPT එකෙන් ඇසූ ප්‍රශ්නයක් නිසා ChatGPTයෙත් ට්‍රැක පැනලා

මෑතකදී ChatGPT ඔස්සේ විමසූ ගැටලුවකට ලැබුණු පිළිතුරකින් තමා විස්මයට පත් වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

දේශන කටයුත්තක් අතරතුර “මම නිකන් ඉන්න ගමන් ChatGPT එකෙන් ප්‍රශ්ණයක් ඇසුවා” යනුවෙන් ඔහු පවසනවා.

“මම ධම්ම පදයේ පළවෙනි ගාථාවේ පළමු වැනි වාක්‍ය දාලා ඇහුවා මනසද වඩා උසස් වන්නේ කෘතිම ඥානයද කියලා. දැම්මට පස්සේ ටිකක් වෙලා ගියා. පස්සේ පිළිගත්තා මනස තමයි උසස් කියලා. කෘතිම ඥානය සීමා සහිතයි.”

එබැවින් බිලියන ගණනක් වියදම් කරමින් ගොඩ නඟන මෙම නව ඥානය පිළිබඳව තව දුරටත් පර්යේෂණ සිදු කරමින් ප්‍රවේශමෙන් ගොඩ නඟා ගත යුතු බව ඔහු පවසා තිබෙනවා.

විශේෂයෙන් AI සහ ආගම්වල පවතින දැනුම අතර සම්බන්ධය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දී ඇත්තේ.

Latest News

error: Content is protected !!