එළැඹෙන අප්‍රේල් මාසය වන විට රට තුළ අර්බුද ගණනාවක් අපිට නියමිත බව හිටපු අමාත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව ලබන වසර අර්බුදවලින් පිරුණු වසරක් වනු ඇති බව තේරුම් ගෙන ජීවත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මේ තත්ත්වය තේරුම් ගෙන තමන්ගේ සමීපතම නඩය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසට ඔහු උපදෙස් දී තිබෙනවා.
හැකිතාක් බුද්ධි තොරතුරු අනුගමනය කරන ලෙස ද ඔහු මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අත් වූ ඉරණම සිහිපත් කර බලන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
