CCTV වලට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් යළි නැගිටියි

විශ්වවිද්‍යාල හා නේවාසිකාගාරවල CCTV සවි කිරීම පිළිබඳ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් යළිත් විරෝධයක් පැන නැගෙමින් පවතී.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමය එයට විරෝධය පළ කරමින් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත්තේ මෙසේය.

“සිසු නිදහසට වැට බඳින CCTV මගඩිය වහා හකුළා ගනු” යනුවෙනි.

2025 ජුලි මස 09 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ලබා දුන් වැදගත් නඩු තීන්දුවකට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර සිටියේ විශ්වවිද්‍යාල හා නේවාසිකාගාර ආවරණය පරිදි CCTV කැමරා සවි කරන ලෙසයි. මේ නියෝගය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ෆර්නාන්ඩු සහ සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන් විසින් ලබා දී තිබුණා.

එම තීන්දුව ලබා දුන්නේ විශ්වවිද්‍යාල හා නේවාසිකාගාර තුළ සිදුවන අමානුෂික නවක වදය නවතා දැමීමේ පියවරක් වශයෙනි.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිඨයේ ශිෂ්‍ය සංගමය මෙම විරෝධය පළ කරනු ලබන්නේ එවන් පසුබිමකය. මෙම තීරණයට විරෝධය පළ කරමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල භූමිය තුළ ද ඔවුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

error: Content is protected !!