ගුවන් තොටුපොළ සේවකයෝ විරෝධතාවයක

සිය වැටුප් ප්‍රමාද වීම, වැටුප් වර්ධකය නොගෙවිම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ සේවකයින් සේවයෙන් ඉවත් වී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.‍

අද (19) උදෑසන සිට රාජකාරිවලින් ඉවත් ව සිදුකරන මෙම විරෝධතාවය හේතුවෙන් ගුවන්තොටුපල ඇතැම් මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී ඇතැයිද වාර්තා වේ.

ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම පාලනාධිකාරියත් සමග සාකච්ඡා කළත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද එම සේවක සේවිකාවෝ පවසති.

Latest News

error: Content is protected !!