අපේ ජනාධිපතිවරුන්ගෙත් එහෙම බලන්න පුළුවන් නම්..
2025 දී නැවත බලයට පත්වීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවම වශයෙන් ඩොලර් බිලියන 1.4 ක ධනයක් උපයා ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
එය එක්සත් ජනපද ගෘහස්ථ ආදායමේ (එක් නිවසක සියලුම සාමාජිකයන්ගේ ආදායම) මධ්‍යන්‍යය මෙන් 16,822 ගුණයක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
එක්සත් ජනපද ජනාධිපති ධුරය හේතුවෙන් ඔහුගේ පෞද්ගලික ව්‍යාපාරවලට ප්‍රසිද්ධියේ ලැබුණ සියලුම ලාභ ගණනය කරමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.
ඔහුගේ පෞද්ගලික ව්‍යාපාර බොහොමයක් පොදු වාර්තාවලින් සැඟවූ ඒවාය. එබැවින් මෙය සම්පූර්ණ ගණනය කිරීමක් ලෙස සැලකිය නොහැකිය.
2025 දී බලයට පත්වීමෙන් පසු, ඔහු තම ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 6.6 දක්වා දෙගුණ කර ගෙන තිබෙනවා. ඔහු එක්සත් ජනපදයේ මෙතෙක් සිටි ධනවත්ම ජනාධිපතිවරයා ලෙසයි සැලකෙන්නේ.
ට්‍රම්ප් වසරක් තුළ ඩොලර් බිලියන 1.4ක් උපයා ගත්තේ කෙසේද?
2025 දී ඔහු නැවත තේරී පත් වූ දා සිට ඕමානය, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුළු විවිධ විදේශීය ව්‍යාපෘති 20ක් සඳහා ඔහුගේ නමට බලපත්‍ර ලබා දීම නිසා ට්‍රම්ප් පවුල උපයාගත් මුදල ඩොලර් මිලියන 23කි. තර්ජනයට ලක් වූ තීරුබදු අඩු කිරීමක් වශයෙන් ට්‍රම්ප් සන්නාමය සහිත ඩොලර් බිලියන 1.5ක ගොල්ෆ් නිකේතනයක් සඳහා වියට්නාමය සිදු කළ ප්‍රදානයන් ද ඔහුගේ වත්කම් අතරට එක්ව තිබෙනවා.
ඇමසන් විසින් නිර්මාණය කරන ලද මෙලනියා ට්‍රම්ප් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ට්‍රම්ප් පවුලට ඩොලර් මිලියන 28 ක් එකතු කර ඇති බව ද වාර්තාව පවසනවා. එම මුදල ඇමසන් නිර්මාණය කළ ඕනෑම සමාන වාර්තා චිත්‍රපට ව්‍යාපෘතිකයට වඩා වැඩි බවයි සඳහන් වන්නේ. එමෙන්ම කටාර් රාජ්‍යය ට්‍රම්ප්ට ලබා දුන් ඩොලර් මිලියන 400 ක ජෙට් යානය ද මෙම වාර්තාවට ඇතුළත්ය. AIR FORCE 1 ලෙස හැඳින්වෙන මෙම යානය ඔහුගේ ගමන් බිමන් සඳහා භාවිත කරනු ලබනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමෙන් පසු, X, ABC News, Meta, YouTube සහ Paramount වැනි තාක්ෂණික සහ මාධ්‍ය සමාගම් ඩොලර් මිලියන 90.5 ක මූල්‍ය පියවීම් සිදු කළ අතර එම මුදලින් වැඩි කොටසක් Donald J Trump Presidential Library Fund ලෙස හැඳින්වෙන පෞද්ගලික පදනමට ගිය බව ද සඳහන්ය.
ට්‍රම්ප් පවුලේ ඉපැයීම්වලින් වැඩි කොටසක් ලැබුණේ ක්‍රිප්ටෝ මුදල් වලින් බව ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වන අතර එම අගය ඩොලර් මිලියන 867 ක් ලෙසයි දක්වා ඇත්තේ.
