නිවසේදීම තුවක්කුවක් සාදා ජපාන හිටපු අගමැති ඝාතනය කළ යමගාමිට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්..

ඝාතනයට හේතුව අදහා ගන්නත් බැහැ..

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඝාතකයාට බදාදා (ජනවාරි 21) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා.

ඒ සාමාන්‍යයෙන් තුවක්කු ප්‍රචණ්ඩත්වයට හුරු නොවූ රටක් ලෙස සැලකෙන ජපානය කම්පනයට පත් කර වසර තුනකට පසුවය. 2022 ජූලි මාසයේ මැතිවරණ ප්‍රචාරක කතාවක් අතරතුර හිටපු අගමැති ෂින්සෝ අබේ මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ගොදුරු වුණා. අබේට වෙඩි තැබීම සඳහා ඝාතකයා වන 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි භාවිත කළේ ඔහු විසින්ම නිවසේ දී සාදාගත් තුවක්කුවකි. ඒ අනුව මිනීමැරුම සහ ජපානයේ ගිනි අවි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නාරාහි අධිකරණයක් විසින් යමගාමි වරදකරු බවට තීරණය කර තිබෙනවා.

ප්‍රහාරය පිටුපස පැවති සැලසුම් දෙකක් හෙළිදරව් කළ මාස ගණනක සාක්ෂි විමසීම්වලින් අනතුරුව විනිසුරු ෂිනිචි ටනාකා විසින් මෙම දඬුවම නියම කරනු ලැබුවා. මෙම නඩුව විමසනු ලැබූ කාල සීමාව පුරාම දක්නට ලැබුණේ දැඩි මහජන උනන්දුවකි. AFP වාර්තාවකට අනුව බදාදා උදෑසන උසාවියෙන් පිටත දිගු පෝළිම් දක්නට ලැබුණා. අධිකරණ ශාලාව තුළ සීමිත ආසන ලබා ගැනීමට ද ජපාන වැසියන් දැඩි ලෙස උනන්දු වු බවයි වාර්තා වන්නේ.

නඩු විභාගයේ කේන්ද්‍රීය කාරණය වූයේ යමගාමිගේ අභිප්‍රායයි. ඔහු අබේ අගමැතිවරයා ඉලක්ක කළේ ප්‍රතිපත්තිවලට සම්බන්ධ පුද්ගලික හෝ දෘෂ්ටිවාදාත්මක හේතූන් මත නොව, 1954 දී දකුණු කොරියාවේ ආරම්භ කරන ලද මතභේදාත්මක ආගමික කණ්ඩායමක් වන ‘යුනිෆිකේෂන් පල්ලිය’ ලෙස සැලකෙන නව ආගමික කණ්ඩායමක් ප්‍රවර්ධනය කිරීම සඳහා සඳහා පළිගැනීමක් ලෙසයි. තම මව විසින් කරන ලද නොනවතින පරිත්‍යාග මගින් පල්ලිය තම පවුල මූල්‍යමය වශයෙන් විනාශ කර ඇති බව යමගාමිගේ විශ්වාසය වී තිබෙනවා. මෙම ආගමික කණ්ඩායම පෝෂණය කිරීමට බලපෑම් කළ හැකි දේශපාලනඥයින්ගේ සහයෝගය ලැබුණු බව ද ඔහුගේ විශ්වාසය වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පල්ලිය හා සම්බන්ධ සම්බන්ධ සිදුවීම්වලට අබේ අගමැතිවරයා පෙනී සිටිය බව සඳහන්ය. එවැනි කැපී පෙනෙන චරිතයක් ඝාතනය කිරීම හරහා පල්ලිය පිළිබඳ මහජන අවධානයක් ලබා ගැනීමට ඔහු කල්පනා කර ඇති බවයි නීති විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

ඝාතනයෙන් පසු, පරීක්ෂණවලින් හෙළි වූයේ පල්ලිය සහ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීති සම්පාදකයින් අතර පුළුල් සම්බන්ධතා ඇති බවත් එය කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකු ඉල්ලා අස්වීමට හේතු වූ බවත්ය.

යමගාමිගේ හැදී වැඩීම ආගමික අපයෝජනයකින් සලකුණු වූවක් ලෙස විස්තර කරමින් විත්ති පාර්ශ්වය ඔහුගේ දඬුවම ලිහිල් කරන ලෙසද ඉල්ලා සිටියා. ඔහුගේ මවගේ පරිත්‍යාග යෙන් මිලියන 100 ක් පමණ (ඩොලර් මිලියන 1 ක්) වූ බව වාර්තා වන අතර එමඟින් පවුල බංකොලොත් වූ බවයි සඳහන් වන්නේ. යමගාමි උසස් අධ්‍යාපනය සඳහා වූ සැලසුම් අතහැර දමා, 2005 දී සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අතර පසුව ඔහුගේ සහෝදරයා අහිමි වූ බව ද වාර්තා වෙනවා. සහෝදරයාගේ සියදිවි නසා ගැනීමට ද හේතු වූයේ පල්ලියේ බලපෑමයි.

ඔහුගේ අතීතය කුමක් වුවත් අපරාධය ප්‍රවේශමෙන් සැලසුම් කර ඇති බවට පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. යමගාමි 2020 දී ගිනි අවිය අතින් නිර්මාණය කිරීම ආරම්භ කළ අතර, ආයුධය නිර්මාණය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා මාස ගණනක් ගත කරමින් පැහැදිලි පූර්ව සූදානමක් පෙන්නුම් කර ඇති බවටයි ඔවුන් තර්ක කර ඇත්තේ.

Latest News

error: Content is protected !!