මා ගන්නා ඕනෑම තීරණයක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකියි.. නීතිපති පාරින්ද රණසිංහ

නීතිපතිවරයා වන තමන් ද නීතියට යටත් බවත්, තමන් ගන්නා ඕනෑම තීන්දුවක් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා පවසා තිබෙනවා.

නීතිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ශව කිහිපයක් නීතිපති ඉල්ලා අස්විය යුතු බවට බලපෑම් කිරීම පිළිබඳ අදහස් පළ කරමිනි.

වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බව පවසමින් ඊයේ (21) මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වුණා.

ඊට එරෙහිව නීතිපතිවරයාට සහාය පළ කරමින් නීතිඥයින් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ නීතිපතිවරයා පවසා ඇත්තේ සිය තීරණ පිළිබඳ විවේචන පවතී නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලෙසයි.

නීතිපතිවරයා හමු වූ එම නීතීඥයන් පිරිස, ස්වාධීනව කටයුතු කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති අතර, නීතිපතිවරයාට සිය පූර්ණ සහාය තිබෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

Latest News

error: Content is protected !!