කළු කෝට්, ජාතික ඇඳුම සිවුර අදාළම නෑ.. අපිට ගැහුවොත් අපිත් කුඩු වෙන්න ගහනවා

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

එහිදී ජාතිය තරාතිරම ආදී කිසිවක් නොසලකන බවයි ඔහු පවසා ඇත්තේ.

“අපි ඉවසගෙන ඉවසගෙන ඉඳල, අපිත් ගහනවා කුඩුවෙලා යන්ක, කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අදාළ නෑ අපිට ගැහුවොත් අපිත් ගහනවා” යැයි ඔහු සඳහන් කළා.

තමන් සැමවිටම පහර නොදුන්නද පසුව එල්ල කරන ප්‍රහාරය ප්‍රතිවාදියා කුඩු වී යන මට්ටමේ දරුණු එකක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

“අපිත් එක්ක සටනට එනවා නම් ෆවුල් ෂොට් ගහනවා කියලා කෑ ගහන්න එපා.”

“කැටපෝලෙකින් විදල කරන වැඩවලට කාලතුවක්කු පාවිච්චි කරන්නේ නෑ.”

එමෙන්ම පාර්ලිමේන්තුවේ 159 ක බලයක් සහ විධායක ජනාධිපති ධුරය අතැතිව තිබියදීත් ආණ්ඩුව විවේචන හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට හිතවතුන් පවා ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

ආණ්ඩු බලය ලැබුණද රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අරගලයක් පවතින බව ද ඔහු පවසනවා.

“අපේ මුළු දේශපාලන යුගයම අසීරුයි. චිත්‍රපට හදන අයටත් මට කියන්න තියෙන්නේ අපේ විපක්ෂ දේශපාලනය ගොඩක් අසීරුයි. ” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

error: Content is protected !!