ග්‍රින්ලන්තය අත්පත් කර ගැනීමේ එක්සත් ජනපද අභිලාෂයට එරෙහි යුරෝපා රටවල් ගණනාවක් සඳහා පැනවීමට නියමිතව තිබූ තීරු බදු අත් හිටුවීමට පියවර ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තීරුබදු පැනවීම සිදු නොකරන බවයි ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබෙන්නේ.
ට්‍රම්ප්ගේ මෙම තීරණාත්මක ප්‍රකාශය සිදු කරනු ලබන්නේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ආර්ථික සමුළුව අතරතුර නේටෝ මහලේකම් මාර්ක් රූට් මුණගැසී සිදු කළ සාකඡාවලින් අනතුරුවය.
මෙහිදී ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපය පිළිබඳ ට්‍රම්ප් විශේෂ සැලැස්මක් යෝජනා කර තිබෙනවා. එම ගිවිසුමට එළැඹීමට හැකි වුවහොත් සමස්ත යුරෝපයටම විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇති බවයි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ.
10%ක තීරුබදු පැනවීම අකුලා ගනු ලැබුවද ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂණ පද්ධතිය පිළිබඳ සාකච්ඡා තවදුරටත් සිදුවනු ඇති බව ද ඔහු එහි සඳහන් කර තිබෙනවා.
ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් යෝජනා කරන සංකල්පමය ගිවිසුමට අනුව ග්‍රින්ලන්තයේ ඛනිජ සම්පත් වෙත ප්‍රවේශ වීම සඳහා යුරෝපය සමඟ හවුලේ එකඟතා ඇති කර ගැනීමට නියමිතය. ග්‍රීන්ලන්තයේ ස්වභාවික පිහිටීම අනුව ස්මාර්ට්ෆෝන් සිට මිසයිල පද්ධති නිර්මාණය කිරීම දක්වා සෑම දෙයකටම අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජ සම්පත් සංචිතයක් රට සතුව පවතී. ගිවිසුම යටතේ එක්සත් ජනපදය යුරෝපය සමඟ එම සම්පත් සඳහා අයිතිවාසිකම් ලබා ගන්නා බව ට්‍රම්ප් වැඩි දුරටත් පවසා තිබෙනවා.
