කෘතිම බුද්ධිය (AI) මඟින් ශ්‍රී ලංකාවේ රැකියා 180,000ක් අහිමි කර ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.
ප්‍රතිපත්ති අධ්‍යාපන ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයක් ඔස්සේ මෙම අනාවරණය සිදු කර ඇති අතර මෙමගින් රැකියා අහිමි වී ඇති බහුතරයක් ලිපිකරුවන්, ලිපිකරු සහායකයින් වන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව එම රැකියා ඛාණ්ඩවල 179,280ක් ඊට අයත් බව සඳහන්ය.
කෘෂිකර්මාන්තය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සේවකයින් බහුතරයක්ද ඊට ඇතුළත් බව අදාළ වාර්තාව පවසනවා.
එමෙන්ම විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් AI දැනටමත් සමහර රැකියාවලට බලපා ඇති බව ඉකුත් දා පාර්ලිමේන්තුවේදී ද අවධාරණය කරනු ලැබුවකි.
“පසුගිය වසරවලදී මම තරුණයින්ට IT සමාගම්වල සීමාවාසික පුහුණුව සොයා ගැනීමට උදව් කළා. කෙසේ වෙතත්, මෑත කාලයේ දී මට එය කිරීමට නොහැකි වුණා. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ IT සමාගම් AI භාවිතා කරන බැවින් මිනිස් බලය අවශ්‍ය නොවීමයි” මන්ත්‍රීවරයා එසේ සඳහන් කර තිබුණා.
