බොන්ඩායි සමූහ වෙඩි තැබීමේ අළු නිවෙන්නත් කලින් ඔස්ට්‍රේලියාවේ තවත් සමූහ වෙඩි තැබීමක්…

ඕස්ට්‍රේලියාවේ බොන්ඩායි වෙරළ තීරයේ සමූහ වෙඩි තැබීමට මාසයක් ගත වෙද්දී බ්‍රහස්පතින්දා (ජනවාරි 22) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිදු වූ එවැනිම ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

මාධ්‍ය වාර්තා කරන ආකාරයට වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු වාහනයකින් පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

තවත් පුද්ගලයෙකු බරපතල තත්වයෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා පවසනවා.

සිඩ්නි නුවරට බටහිරින් කිලෝමීටර් 611ක් පමණ දුරින් පිහිටි ලේක් කාර්ගෙලිගෝ නගරයේ සැකකරු කොටු කර ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසා ඇති අතර නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස ඉල්ලා ඇති බවයි රොයිටර් වාර්තාවක් පෙන්වා දෙන්නේ.

මීට පෙර දෙසැම්බර් 1 වන දින ඕස්ට්‍රේලියාවේ බොන්ඩායි වෙරළේ පැවති යුදෙව් උත්සවයකදී පියෙකු සහ පුතෙකු විසින් සිදු කරන ලද සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකුට දිවි අහිමි වුණා.

Latest News

error: Content is protected !!