සජබ ආර්ථික ඔස්තාර් පක්ෂ අරමුදල බින්දුවට බස්සයි..

ආර්ථික ඔස්තාර් හර්ෂ ද සිල්වා භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන සමගි ජන බලවේගයේ පක්ෂ අරමුදල බින්දුවටම බැස ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ නිසා සජබයේ විශාල ලෙස මූල්‍ය ශක්‍තියක් නොමැති ආසන සංවිධායකවරුන්ට පවා පක්ෂයේ සියලු බර තමන්ගේ පොකට්ටුවෙන් ගෙවීමට සිදුව ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

සමගි ජන බලවේගය ඔවුන්ගේ අහිංසක පාක්ෂිකයන්ට කිසියම් හෝ සහනයක් ලබා දුන්නේ නම් ඒ පක්ෂ අරමුදලේ හයියෙනි.

එහෙත් හර්ෂගේ ක්‍රියාකලාපය නිසා පක්ෂ අරමුදල දැඩි අර්බුදයකට ලක් වී ඇති බව සඳහන්ය. මෙම තත්ත්වය තුළ ආසන සංවිධායකයින් හා බිම්මට්ටමේ ක්‍රියාකාරීන් කළකිරීමට පත්ව සිටිනවා.

එදිනෙදා කාර්යාල වැඩකටයුතු කරගෙන යෑමටත් මුදල් නොමැති තත්ත්වයට අරමුදල පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ගේ ආණ්ඩුවක මුදල් ඇමති හර්ෂ ද සිල්වා බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ම නම් කිරීමෙන් පසුව විශාල ව්‍යාපාරිකන් පිරිසක් හර්ෂ වටා පෙළ ගැසුණා.

එම ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන නොයෙකුත් වරප්‍රසාද හර්ෂ විසින්ම භුක්ති විඳින බව දැන් පක්ෂ අභ්‍යන්තරයේ රහසක් නොවේ.

එහෙයින් පක්ෂ අරමුදල තිබුණත් නැතත් හර්ෂට එයින් කිසිදු පාඩුවක් නොමැති බවයි අභ්‍යන්තරයෙන් වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය හර්ෂ ඉදිරිපෙළ නායකයකු ලෙස ඉස්මතු කළද සෑම විටම ඔහු විපක්ෂයේ කටයුතු කරන සිය පක්ෂය වෙනුවට ආණ්ඩු බලයේ සිටින පක්ෂයට ආවඩන ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැබුවෙකි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඔහුගේ ගුණ ගයමින් එම ආර්ථික ප්‍රතිපත්‍ති අගය කළ හර්ෂ දැන් වර්තමාන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති අගය කරමින් ගුණ වයමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

ඔහු කෝට්ටේ ආසනය තුළ ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ සමඟ එකට දේශපාලනය කරන බවද කිසිවකුට රහසක් නොවේ.

එපමණක් නොව හර්ෂ, සමගි ජන බලවේගයේ නායකත්වය ගැනීමටද නිහඬවම ගේමක් ගසමින් සිටින බව මේ වන විට අනාවරණය වී අවසන්ය.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ හැමවිටම පක්ෂයේ මතයට වෙනස් මතයක් වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඩීල් දේශපාලනයේ යෙදෙන හර්ෂ පක්ෂය ගොඩ දමනවාටත් වඩා ආපස්සට ඇදීමට කටයුතු කරමින් සිටින බවයි.

හර්ෂගේ මෑතකාලීන දේශපාලන හැසිරීම හොඳින් නිරීක්ෂණය කළොත් එම කරනු සක්සුදක් සේ පැහැදිලි වනු නොඅනුමානය.

Latest News

error: Content is protected !!