සමාජ මාධ්‍ය නියාමනයට නීති ගේනවා.. අමාත්‍ය නලින්ද

සමාජ මාධ්‍ය නියාමනයට නීති ගෙනා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

සමාජ මාධ්‍ය නියාමනයට නීතියක් රට තුළ නැතැයි ද ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක ඊයේ (22) පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මන්ත්‍රී ධර්මප්‍රිය එහිදී මෙසේ කියා සිටියා.

“ඇතැම් සමාජ මාධ්‍ය අද රටේ විකෘති ඇති කරනවා මහජනතාවට විකෘති ප්‍රවෘත්ති දැන්වීම් ප්‍රචාරය කරනවා කරනවා. බාල බෙහෙත් ද්‍රව්‍ය දැන්වීම්වලින් ජනතාව අපහසුතාවට පත්වෙනවා”

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැරදි ආයුර්වේද නිෂ්පාදන ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනට පවතින නීතිය අනුව කටයුතු කළ හැකි බවයි.

Latest News

error: Content is protected !!