හඳුන්නෙත්ති ලංකාවේ විශාලතම දූපත හොයාගනී…

මඩකලපුව ප්‍රදේශය මුළුමනින්ම යටවී යාමට තරම් විශාල ජල කඳක් මල්වතු ඔයෙන් ගලා එන බව පැවසීමෙන් ඔහු වරක් සිය විශිෂ්ට භූගෝලීය විද්‍යා ඥානය ප්‍රකට කළ හැටි අපට මතකය.

ආර්ථික විද්‍යා සමුළුවලදී ඉංගීසි විෂය පිළිබඳ විශේෂඥ ඥානය ප්‍රකට කරමින් දේශ දේශාන්තරයේ කතා බහට ලක් වෙන රටක් බවට මේ කුඩා දූපත පත් කිරීමට ද ඔහුට හැකි වුණා.

මේ විශිෂ්ට ප්‍රාඥයා වෙන කිසිවකු නොව අප කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිය. වරක් දිට්වා නම් සුළි කුණාටුව මෙරටට කඩා වැදුණු ආවස්ථාවේ ‘දොයි දොයි දියිය බබා’ කියමින් නිල්වලා කොමළිය නිදි කරවා මාතර මිනිසුන් රුදුරු ජල කඳකින් ගලවා ගත් හඳුන්ය.

ඒ සියලු දේ පසෙක ලා ඔහු මේ වන විට ලංකාවේ භූගෝලීය වශයෙන් අතිශය වැදගත් ස්ථාන පිළිබඳව අපූරු ගවේෂණයක නිරත වී සිටී.

එය ලංකාව ලෝකයට ගෙන යන වැඩපිළිවෙලේ තීරණාත්මක පියවරක් ලෙසය.

ඔහුගේ ගවේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකාවේ විශාලතම දූපත අනාවරණය කරගැනීමට ද මේ වන විට සමත් වී තිබෙනවා.

ඒ අනුව ලංකවේ විශාලතම දූපත ඩෙල්ෆ්ය. මෙතෙක් ලංකාවේ විශාලතම දූපත ලෙස හඳුනාගෙන තිබුණේ මන්නාරම දූපත වන අතර හඳුන්ගේ ගවේෂණය සමඟ එය නුදුරේදීම වෙනස් වීමේ ඉඩක් පවතී.

මෙම ගවේෂණයෙන් පසු ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ලංකාවේ විශාලතම දූපත වන ‘ඩෙල්ෆ් දූපත’ ලෝකයේ සංචාරක බලකොටුවක් බවට පත් කිරීමට එක් වන ලෙසත් එහි අශ්ව සම්පත දැක ගැනීමට පැමිණෙන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

සැලකිය යුතු:
මෙම ලිපියේ අනතර්ගත දත්ත පාසල් සිසුන් විසින් සාමාන්‍ය දැනුම සඳහා භාවිත නොකළ යුතු අතර රජයේ වේවා කිසිදු තරග විභාග සඳහා සහභාගී වන කිසිවකු විසින් භාවිත නොකළ යුතුය.

Latest News

error: Content is protected !!