ඉබ්බා රේස් එක පටන්ගෙන.. හාවා නිදිද?
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පදනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයින්, නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් ගණනාවක් එක්ව මේ දිනවල සාකච්ඡා මාලාවක් පැවැත්වෙනවා.
එහෙත් පසුගිය දා කොළඹ දී පැවති එම සාකච්ඡාවලට ආණ්ඩුව නියෝජනය කරමින් කිසිවකු සහභාගී වුණේ නැහැ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර මහතා සඳහන් කර ඇත්තේ මේ දිනවල නව ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන බහු පාර්ශ්වය සාකච්ඡාවලට ආණ්ඩුවේ කිසිදු පාර්ශවයක් හෝ තමන් යටතේ ඇති අධිකරණ අමාත්‍යාංශය සහයෝගය ලබා නොදෙන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වත්මන් රජය දුන් පොරොන්දුවක් නිසා එම පොරොන්දුව ජාතික ජන බලවේග රජය අනිවාර්යෙන්ම ඉටු කරන බවත් එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ කාල රාමුවක් තවමත් කැබිනට් මණ්ඩලය තීරණය කර නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා වලට ආණ්ඩුවේ පාර්ශ්වයන් සහභාගි වන්නේ ද හෝ එම ව්‍යවස්ථාව සම්පාදනයට සහයෝගය දක්වනවාදැයි මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි.
මෙම සාකච්ඡාවලට ආණ්ඩුව වෙනුවෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර හා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට ආරාධනා කර තිබුණා.
නව අනුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමට පෙර ලබාදුන් ප්‍රධාන පොරොන්දුවලින් එකකි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පසුගිය වසරේදී පාර්ලිමේන්තුව අමතමින් අගමැති ආචාර්ය හරිනි පැවසුවේ පොරොන්දු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන බවයි.
එහෙත් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව ඒ සඳහා මෙතෙක් කාල රාමුවක් හෝ ඉදිරිපත් කිරීමට සමත් වී නොමැති බවයි.
මේ අනුව පැහැදිලි වන්නේ මෙවර නම් විපක්ෂ නායකවරයා කලින්ම රේස් එකට අවතීර්ණ වී ඇති බවකි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට නින්ද ගිහින්ද?
