‘සිරි ලිය’ ගිණුමෙන් ශිරන්තිට උපන්දිනය දා තෑග්ගක්

හිටපු ජනාධිපති ආර්යාවක වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ වෙත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී තිබෙනවා.

ඇයගේ ජන්ම දිනය යෙදුණු ඊයේ (23) දිනයේම එම කැඳවීම කර ඇති බවයි වාර්තා වන්නේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මඟින් මෙම තීරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, තංගල්ල කාල්ටන් නිවසේ පදිංචි ශිරන්ති රාජපක්ෂ ට ඉදිරි දිනකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කර තිබෙන්නේ.

මෙම කැඳවීම සිදුකර ඇත්තේ “සිරිලිය සවිය” සංවිධානයේ ලියාපදිංචිය, එහි ක්‍රියාකාරීත්වය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

අදාළ කරුණු සම්බන්ධයෙන් පූර්ණ දැනුවත්භාවයකින් යුතුව එදිනට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!