30ක්ම හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන්..
මන්හ්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
යම් හෙයකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අත්හිටුවුවහොත් ඔවුන් ඉතාම අසරණ තත්ත්වයකට පත්වනු ඇති බව බව එම ලිපියෙහි සඳහන්ය.
බහුතරයක් හිටපු මන්ත්‍රීවරු අද ජීවත් වන්නේ ඉතාම දුෂ්කර තත්ත්වයෙන් හා අසීරුවෙන් බවයි එහි දැක්වෙන්නේ. විශ්‍රාම වැටුප ඔවුන්ට විශාල පිටුවහලක් බව එහි සඳහන් වෙනවා. එබැවින් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීම, සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය වෙනුවෙන් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ මෙම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා.
ඔහු එමගින් වැඩිදුරටත් පවසන්නේ දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැඟීමට හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීම පිළිබඳව කනගාටු වන බවයි. එහෙත් හිටපු මැති ඇමැතිවරුන් හා ඔවුන් අතරින් ඇතැමකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් මෙම ඉල්ලීම කරනුයේ දැඩි මානුෂිය හැඟීමෙන් බව එහි සඳහන් කර තිබෙනවා.
හිටපු මැති ඇමැතිවරුන් කෙරෙහි දැඩි මහජන අප්‍රසාදයක් පසුගිය වකවානුව තුළ ගොඩනැඟී තිබුණු අතර සෑම මන්ත්‍රීවරයකුම වංචාකාරයකු, දූෂිතයකු ලෙස හංවඩු ගැසුණා. සමස්තයක් ලෙස සලකා බලන කල්හි එය සාධාරණ නොවන බව අපගේ හැඟීමයි. ඉහත සඳහන් හිටපු මහජන නියෝජිතයන් අතර වමේ ගෞරවනීය දේශපාලන නායකයන් සහ 30 කට ආසන්න හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලනයෙන් තම දේපළ නැති කරගත් අවංක මහජන නියෝජිතයන් රාශියක් ද සිටින බවයි එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
