ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සැමරීම සඳහා ජනවාරි 23 වන දින නෙළුම් පොකුණ රඟහලේදී “Timeless Bollywood Melodies – Anuradha Paudwal Live in Colombo” නම් සජීවී සංගීත ප්‍රසංගය පැවැත්වුණා.
මේ අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජනාතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරු රැසක් සහභාගී වෙලා හිටියා.
මේ අවස්ථාවේදී ජවිපෙ සහ එන්පීපී මැති ඇමතිවරු මේ දිනවල ඔවුන්ට එල්ල වන දැඩි සමාජ දේශපාලන පීඩනය මොහොතකට අමතක කරලා ජනප්‍රිය බොලිවුඩ් ගීතවල රිද්මයට අනුකූලව විනෝද වූ බවයි වාර්තා වුණේ.
එක අතකට ඒකත් හොඳයි. ලාල් පේන්න නැහැ.. ලාලුත් හිටිය නම් තවත් හොඳයි.. මොකද මේ දවස්වල වැඩිපුරම ආණ්ඩුවට තියෙන ප්‍රේෂර් එක තමයි ලාල් කියන්නේ. ඒ මනුස්සයට පොඩි බ්‍රේක් එක දුන්න නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ඔහුගේ බිරිඳත් මේ අවස්ථාවට එක් වෙලා හිටියා. නෑ නෑ ඉන්දියානු බලපෑමක් එහෙම මෙතන නැහැ.
