විගණකාධිපති ධුරයේ බලතල භාණ්ඩාගර ලේකම් යටතට

විගණකාධිපතිවරයා පත් කිරීමට නොහැකි වූ අර්බුදය මධ්‍යයේ ජාතික විගණන කාර්යාලයේ මූල්‍ය පාලන කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට පවරා තිබෙනවා.

විගණකාධිපති තනතුර හිස් වීමෙන් රාජ්‍ය මූල්‍ය පාලනය කටයුතු රැසකට බාධා එල්ල වීම හේතුවෙන් එම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ මෙරට මූල්‍ය පාලනය සිදු කෙරෙන්නේ විගණකාධිපතිවරයෙකු නොමැතිවය. විගණකාධිපති තනතුර හිස්ව පැවතීම හේතුවෙන් විගණකාධිපති කාර්යාලය මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු ආයතන රැසක කටයුතුවලට බාධා එල්ල වී පවතී.

විගණන වාර්තා නිකුත් කිරීමද විගණන විමසුම් කිරීමද එහි උසස්වීම් කටයුතුවටද විගණකාධිපතිවරයකු නොමැතිවීමෙන් දැඩි බාධාකාරී තත්වයක් මතුව තිබෙන බව වාර්තා වී තිබෙනවා.

එම තනතුර පුරප්පාඩු වුණේ රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා විශ්‍රාම යාමත් සමඟයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල රජයේ විගණකාධිපති තනතුරේ වැඩ බැලීමට පසුගිය වසරේ අප්‍රේල් මස 09 වැනිදා සිට පත් කෙරුණා.

කෙසේ වෙතත් ඔහුගේ වැඩ බැලීමේ කාලයද පසුගිය දෙසැම්බර් මස 06 වැනිදායින් අවසන් වීමත් සමඟ මෙම අර්බුදය පැන නැඟුණු අතර ජනාධිපතිවරයා ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළ සියලුම නම් එම ව්‍යවස්ථා සභාව මඟින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!