දිනකට රු ලක්ෂ 50කවත් ආදායමක් නැහැ..
දිනකට රු ලක්ෂ 50ක ආදායමක් ඇති කර නොගතහොත් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පවත්වා ගැනීමට නොහැකි වනු ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන ආකාරයට මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය වෙනවා.
ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගතහොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අපහසු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එය මේ වසරේ අසීරු කටයුත්‍තක් වී ඇති බවද දියවඩන නිලමේවරයා පෙන්වා දී තිබෙනවා.
ඊට හේතුව පසුගිය වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම රු ලක්ෂ 08ක් වැනි මට්ටමක පැවතීමයි.
පල්ලෙකැලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පවසා ඇත්‍තේ මෙසේය.
“2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා.
නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕන.
එනිසා දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්.
ඒ නිසා දැවැන්ත වගකීමක් මාහට පැවරිලා තියෙනවා.”
නිලංග දෑල මහතා මෙම කරුණු පවසන්නේ පසුගිය වසරේ අප්‍රේල් මස සිට 18 සිට 27 දක්වා විශාල බෞද්ධයින් පිරිසකගේ සහභාගීත්වයෙන් දළදා වහන්සේ ප්‍රදර්ශනය කළ පසුබිමකය.
ඉකුත් වසරේ දළදා ප්‍රදර්ශනය සිදු කෙරුණේ වසර 16කට පසුවය.
