BTS නවතම ඇල්බමය නිකුත් කරන්නත් පෙර සතියක් තුළ මිලියන 4ක් අලෙවි වේ

දීර්ඝ නිහඬ කාල පරිච්ඡේදයකින් පසුව නිකුත් කිරීමට නියමිත BTS සංගීත කණ්ඩායමේ නවතම ඇල්බමය මේ වන විට පෙර ඇණවුම් මිලියන 4ක් දක්වා අලෙවී වී අවසන් බව වාර්තා වෙනවා.

වාර්තාවලට අනුව මෙම වාර්තාගත අලෙවිය වාර්තා වී ඇත්තේ ඇල්බමයේ පෙර ඇණවුම් භාර ගැනීම ආරම්භ කළ සතියක් තුළය.

ඇල්බම බෙදාහරින්නා වන YG Plus, BTSලාගේ පස්වන ඇල්බමය වන Arirang පෙර ඇණවුම් අලෙවිය සිදු කිරීම ආරම්භ කළේ ජනවාරි16 වැනි දාය. සමාගම ප්‍රකාශ කරන ආකාරයට ජනවාරි 22වැනිදා වන විට පිටපත් මිලියන 4.06 ක පෙර ඇණවුම් වාර්තා වී අවසන්ය. එය මේ වන විට අලෙවි වෙමින් පවතින්නේ ඩිජිටල් වේදිකාවක් වන Spotify ඔස්සේය.

ගෝලීය වශයෙන් ජනප්‍රිය දකුණු කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS, ඔවුන්ගේ ඉදිරි පස්වන ඇල්බමය වන Arirang නිකුත් කිරීමට අමතරව ඔවුන්ගේ ලෝක සංචාරය සඳහා සූදානම් වෙමින් සිටිනවා.

වාර්තාවලට අනුව, මෙම අගය ඔවුන්ගේ කලින් වැඩිම අලෙවියක් වාර්තා කළ සිව්වන ඇල්බමය වන MAP OF THE SOUL: 7 ද ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය 2020 දී එහි පූර්ව අලෙවි කාලය තුළ සතියක් ඇතුළත පිටපත් මිලියන 3.42 ක ඇණවුම් වාර්තා කර ඇති අතර පසුව පිටපත් මිලියන 5 ඉක්මවා ගොස් තිබුණා.

Latest News

error: Content is protected !!