රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කර ඇති බව මේ වන විට සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන පුවතකි.
ඒ අතර ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර ඇති බවට වන පුවතට සමාජ මාධ්‍යවලින් දැඩි ලෙස ප්‍රහාර එල්ල වෙමින් පවතී.
මෙම තීරණය විවේචනය කරන බොහෝ දෙනෙකු ඇය කලා ක්ෂේත්‍රය හෝ නිරූපන ක්ෂේත්‍රය නියෝජනය කරන බැවින් එවැනි තනතුරකට ඇය සුදුසු නැති බව කියයි.
2011 හා 2013 වසර වල ඇය ශ්‍රී ලංකා රූ රැජින සහ ආසියානු රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට සමත් වූ අති දක්ෂ කාන්තාවකි. වාර්තා පළ වන ආකාරයට ඇය උපාධිධාරනියකි. ඇය චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවනු ලබන අතර මෙරට රියැලටි වේදිකාවල නැතුව බැරි නිවේදිකාවකි.
ඇය ආකර්ශනීය. ප්‍රචාරණ කලාව තුළ ඇය වඩාත් පෙනී ඉන්නේ Sex Symbol එකක් ලෙසයි. ඇය නිර්භීතය. ප්‍රසන්නය. බාහිරින් පේනවාටත් වඩා ඇතුළාන්‍තයෙන් පරිණත කාන්තාවකි.
මේ සියලු දේ සලකා බලන විට ඇයට වගකිව යුතු ක්ෂේත්‍රයක යම් තනතුරක් පිරිනැමීම ආසාධාරණ නැත.
ලොහාන් රත්වත්තේ නමැති හිටපු අමාත්‍යවරයා වරක් මහ රෑ බන්ධනාගාරය තුළට හිටපු රූ රැජිනක් රැගෙන යාම ආන්දෝලනයට තුඩු දුන් බව අපට මතකය..
වාර්තා වූ ආකාරයට ඒ එල්ලුම් ගස නැරඹීමටයි.
අධිකරණ ඇමතිවරයා ස්ටෙෆනි බන්ධනාගාර අධීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර ඇත්තේ එවැනි දේටයි අපි හිතන්නේ නැත.
ස්‍ටෙෆනි මෙම තනතුරට නොගැළපෙන්නේ ඇය බිකිනි අඳින නිසා කියාද අප හිතන්නේ නැත.
එහෙත් විශ්ව රූ රැජින තරගවලට නොගියත් අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව පර තෙරට හැදෑරු ආචාරිනියන්, මහාචාර්යවරියන් මෙන්ම තරුණියන් මේ රටේ ඕනෑ තරම් සිටියි. හැකියාවන් අනන්තවත් සඟවාගෙන කුණුමුල්ලට කර තැබූ ගැහැණු අනන්තය.
නිර්ධන පන්තියටම සින්න වූ මහපොළොව ගැන සවිඥානික ගැහැණු ඕනෑ තරම් සිටිති. නිකරුණේ බත් මුට්ටි තැම්බීමටම උපන්, උගත් බුද්ධිමත් නමුත් ජීවිතේට බිකිනියක් ඇඳ නැති නිසා හෝ ලිංගික උත්ප්‍රේණයක් නොවන නිසා නිසි තැන නොලැබුණු ගැහැණුද ඕනෑ තරම් සිටිති.
මේ පවතින්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්දන පන්තියේ අභිලාෂයන් මතින් ගොඩ නැගුණු ආණ්ඩුවකි. එහෙම ආණ්ඩුවකත් ගැහැණියකට තනතුරු ලබා දෙන විට පොත්ත සුදු වීම, කොටට ඇඳීම, බිකිනි ඇඳීම වැනි ලිංගිකත්වය මත පදනම් වූ සාධක ඉදිරියට එනවා නම් අවසානාවන්තය.
එහෙත් ස්ටෙෆනි අදාල සුදුසුකම් සපුරනවානම් ඇයගේ සෙසු බාහිර සාධක මත පමණක් ඇය තෝරාගත්‍තා යන විවේචනයන්ගෙන් ආණ්ඩුවට ගැලවිය හැකිය.
එම නිසා ආණ්ඩුව ඇය එවැනි තනතුරකට තෝරාගත්තා නම් එහි පදනම පැහැදිලි කර යුතුය. ඇය සම්පූර්ණ කළ උපාධිය ඒ සඳහා සුදුසු වන්නේ කෙසේදැයි සමාජයට පෙන්වා දිය යුතුය.
ස්ටෙෆනිට ද යම් තනතුරක් දැරීමට සපුරා අයිතිය ඇත. බන්ධනාගාරයේ තනතුර ඇයට නොගැළපෙන්නේ ඇය බිකිනි අඳින නිසාවත් ඉහළ මධ්‍යම පාන්තික කාන්තාවක් වීම නිසාවත් නොවේ.
එම ක්ෂේත්‍රයට ඇය ඇත්තටම සුදුසු වන්නේද යන කරුණ මතයි. ඇය නුසුදුසු නම් එවැනි තනතුරුවලට ඒමට සුදුසුකම් සපුරා නැති ඕනෑ තරම් සිටින නිසාය.
ඇය සුදුසු නම් හා ඇයට තනතුරක් දීමට මේ ආණ්ඩුවට අවශ්‍යම නම් ඒ සඳහා වෙනත් සුදුසු ක්ෂේත්‍රයක් තෝරා නොගැනීම ද අපරාදයකි.
ස්ටෙෆනිට ගැළපෙන සංචාරක ක්ෂේත්‍රය, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය, සන්නිවේදනය, ළමා සුබ සාධනය හෝ වෙනත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ තනතුරු වැනි විකල්ප ක්ෂේත්‍ර ගණනාවක් පවතී.
ඔබේ අදහස කුමක්ද?
ස්ටෙෆනිට වඩා ගැළපෙන්නේ මේ අතරින් කුමන ක්ෂේත්‍රය ද?
