චාමර මයික් ටයිසන්ගෙන් ලාල් බෲස්ලිට මල්ලව පොරයකට ඇරයුම්

ලාල්කාන්ත අභියෝගය භාර ගනීද?

“එකක් කියනවා ලාල්කාන්ත මම උඹට ‘උඹ බෲස්ලි නම් මම මයික් ටයිසන්”

මෙසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකය.

පසුගිය දා ලෙනින් කියවීමේ සම්මන්ත්‍රණයක් අතරතුර අමාත්‍ය ලාල්කාන්ත කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙසේ සඳහන් කර තිබෙනවා.

ලාල්කාන්ත අමාත්‍යවරයා එහිදී පවසනු ලැබුවේ ආණ්ඩුවට එරෙහිව ප්‍රහාර එල්ල කරන ඕනෑම අයෙකුට එරෙහිව කළු කබා, ජාතික ඇඳුම් හෝ සිවුර නොබලා බෲස්ලි වර්ගයේ ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවකි.

ඊට එරෙහිව චාමර පවසන්නේ 87-89 සෙල්ලම් දාන්න ආවොත් තමන්ද ඊට දැඩි ප්‍රතිචාර එල්ල කරන බවයි.

” දෙකයි දෙන්නේ උඹට කරකැවිලා වැටෙන්න” කියා ද ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් චාමර සම්පත්ගේ අභියෝගය තවමත් ලාල්කාන්ත පාර්ශවයෙන් භාරගත් බවක් වාර්තා වන්නේ නැහැ.

Latest News

error: Content is protected !!