මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන්නකි.
එහි එක් විත්තිකරුවකු වන එරන්ත රදීෂ් පීරිස් ලුතිනන් නිලයේ සිට තාවකාලික බ්‍රිගේඩියර් නිලයට පත් කිරීමට පසුගියදා පියවර ගැණුනු අතර එය මතභේදයන්ට තුඩු දුන් කරුණක් බවට පත් වුණා..
මෙය පවතින විශේෂ යුධ නියෝගවලට පටහැනි තීරණයක් බව මේ වන විට වාර්තා තිබෙනවා.
විශේෂ හමුදා නියෝග 3/75 අනුව අපරාධ වරදක් සම්බන්ධයෙන් සිවිල් අධිකරණයක විත්තිකරුවකු බවට පත්වීමේදී එම යුද හමුදා සාමාජිකයාගේ සේවය අත්හිටුවීම සිදු කළ යුතු අතර වැටුපෙන් භාගයක් ගෙවීම හෝ සම්පූර්ණ වැටුප අත් හිටුවීම සිදු කල යුත්තකි.
යුද හමුදා මූලාශ්‍ර තහවුරු කර ඇති ආකාරයට හමුදා උසාවියක් නොවන හමුදා මූලික පරීක්‍ෂණයකදී පවා වරදකරු වීමට ප්‍රථම යුද හමුදා සාමාජිකයාගේ නිලය ස්ථිර කිරීම් හෝ උසස් කිරීම් අත්හිටුවීම හා විදේශ පුහුණුවීම් නතර කරනු ලබනවා.
යුද හමුදාපති ලුතින් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු වූ මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේ විත්තිකරුවක වන කර්නල් එරන්ත රදීශ් පීරිස් එම තනතුරට උසස් කරනු ලැබුවේ ඔහු එම නඩුවෙන් වරදකරුවෙකු වී නොමැති නිසා බවයි.
මීට පෙර ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ තවත් එක් විත්තිකරුවෙකු වු ෂම්මි කුමාරරත්න ද කර්නල් ධුරයේ සිට බ්‍රිගේඩියර් නිලය දක්වා උසස් කරනු ලැබුවා.
ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේය.
