වෙනසියුලාවේ ජනාධිපති පැහැර ගත් ආකාරයට ඉරාන අධ්‍යාත්මික නායකයා පැහැර ගැනීම සඳහා එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු හමුදා බල ඇණි කලාපය දෙසට ගමන් කිරීමත් සමඟ ඉරානය සහ අමෙරිකාව අතර ආතතීන් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
අමෙරිකානු බල ඇණි රට දෙසට පැමිණීම ආරම්භ වීමෙන් පසු ඊට විරෝධය පාමින් ඉරානයේ මධ්‍යම ටෙහෙරාන් චතුරශ්‍රයේ සංකේතමය බිතු සිතුවමක් ප්‍රදර්ශනය කිරීමට ඉරාන බලධාරින් පියවර ගත්තා.
එහි “ඔබ සුළඟ වපුරන්නේ නම්, ඔබ සුළි සුළඟ නෙළා ගනු ඇත.” යන සටන් පාඨය සටහන් කර තිබුණේ අමෙරිකාවේ ඕනෑම හමුදාමය මැදිහත් වීමකට දැඩි ප්‍රහාර එල්ල කරනු ඇත පණිවිඩය ලබා දෙමිනි.
ඉරාන රජය මෙම වක්‍රාකාර තර්ජනය සිදු කරනු ලැබුවේ ට්‍රම්ප් ඉරානය දෙසට ප්‍රබල හමුදා බල ඇණියක් දියත් කිරීමත් සමඟයි. ට්‍රම්ප් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් සිදු කරමින් “අප ඒ දෙසට දැවැන්ත බල ඇණියක් දියත් කර තිබෙනවා, සමහර විට අපට එය භාවිතා කිරීමට සිදු වන එකක් නැහැ” පවසා තිබෙනවා.
ඉරානයේ එංහෙලාබ් චතුරශ්‍රය රාජ්‍යයේ ඉහළ පෙළේ රැස්වීම් පවත්වන ස්ථානය ලෙස සැලකෙනවා. බලධාරීන් ජාතික අවස්ථාවන් මත පදනම්ව එහි බිතුසිතුවම වෙනස් කිරීමද විශේෂත්වයකි. මේ අතර ඉරානයේ විප්ලවාදී ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරියා විසින් වෙන කවරදාටත් වඩා හමුදාව සූදානමින් පසුවන බවයි සඳහන් කර තිබෙන්නේ.
