ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණක් වන පාර්ලිමේන්තුව තුළ නිසි ක්‍රියාවලිය බිඳ වැටීම රටට භයානක පණිවිඩයක් ලබා දෙන බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් පවසා තිබෙනවා.
රාසමානික්කම් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කිරීමට අදාළව සිය X ගිණුමෙහි සටහනක් තබමින්ය.
පසුගිය 24 වන දා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියාගේ අත්හිටුවීමෙන් පසු ගැටලුව බරපතල තත්ත්වයට පත් වී ඇතැයි එම සටහනෙහි දැක්වෙනවා.
මෙය කතානායකවරයාට සම්බන්ධ පළිගැනීමක් බවත් චෝදනා පත්‍රයක්, පරීක්ෂණයක් හෝ ඇසීමට අයිතියක් නොමැතිව සිදු කරන ලද බවත් මාධ්‍ය මඟින් චෝදනා එල්ල කර ඇතැයි එහි සඳහන්ය.
එම පණිවිඩයෙහි වැඩි දුරටත් මෙසේ සඳහන්ය.
“මෙය හුදෙක් රාජ්‍ය සේවකයෙකුට ඇඟිලි ගැසීමක් නොවේ. මෙය සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණක් වන පාර්ලිමේන්තුව තුළමය. පාර්ලිමේන්තුවේ නිසි ක්‍රියාවලිය බිඳ වැටෙන විට රටට යවන පණිවිඩය අතිශයින් භයානකය.”
