වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ බරපතලම ගැටලුව තියෙන්නේ හය වසරේ ඉංග්‍රීසි පොතේ සමලිංගික ලින්ක් එකේ නෙවෙයි කියලා අපි මුල ඉඳලම කියපු කාරණාවක්.
ප්‍රතිසංස්කරණයේ භයානකම දේ හැංගිලා තියෙන්නේ මොඩියුලවලට හා සම්මත විභාගවලට දෙන ලකුණු අතරේ.
මේ ක්‍රමය අනුව O/L වගේ විභාගයකදි පවා ලකුණු ලැබෙන්නේ මොඩියුලවලට 70% ක් ළමයි වාඩි වෙලා උත්තර ලියන විභාගවලට ලකුණු 30% ක් විදියට. භයානකම දේ මොඩියුලවල ලකුණු 70% තනිකරම ලැබෙන්නේ ගුරුවරයාගෙන් වීම.
ඉතින් ඇත්තටම මොඩියුල ක්‍රමයේ මේ 70% ලබා ගැනීම දරුවන්ට තීරණාත්මක දෙයක් වෙනවා. ගුරුවරු පිනවන්න සිද්ධ වෙනවා. ජනවාරි පළවෙනිදාට ජ්‍යාත්‍යන්තර ගුරු දිනේට විතරක් නෙවෙයි හැම දවසකම ගුරුවරු සතුටු කරන්න වෙනවා. දොළ පිදේනි දෙන්න වෙනවා. භයානකම දේ මොකක්ද දන්නවද? ලිංගික අල්ලස් පවා දෙන්න සිද්ධ වෙන එක.
කොළඹ ප්‍රසිද්ධ පාසලක මේ වෙනකොට වෛරල් වෙන වීඩියෝවේ ඉන්න ‘බුද්ධිනී මැඩම්’ අපට සංකේතයක් වෙන්නෙ මෙතනදි.
අපේ දරුවන් ඉගෙන ගන්නා පාසල් පද්ධතිය කියන්නේ ගුරු දෙවිවරුන්ගේ සිට ගුරු රාස්සයන් රාස්සියන්, මකරු සිටින නපුරු තැනක්.
බුද්ධිනී මැඩම් රාස්සියක්ද කියන්න අපි දන්නෙ නෑ. වාර්තාවන විදියට මේ පාසලේම තවත් ගුරුවරියන් තිදෙනෙක් සමඟ අදාළ ශිෂ්‍යයා සබඳතා පවත්වලා..
මේක මේ වන විට පාසල් පද්ධතිය තුළ පැතිරුණු රැල්ලක් වෙන්නත් පුළුවන්. මේ සිදුවීම එළියට ආව එකක් විතරක් වෙන්නත් පුළුවන්.
එහෙනම් පාසල කියන්නෙ තවදුරටත් සම්ප්‍රාදායික ගුරු සිසු බැඳීම් අපේක්ෂා කරන්න පුළුවන් තැනක් නෙවෙයි.
ගුරුවරියකට ආදරය කළ ලෝකේ පළමු සිදුවීම හෝ එකම සිදුවීම මේක නෙවෙයි තමයි.
ඒත් මේ සිදුවීම ඇතුළේ මඟ හරින්න බැරි බරපතල කාරණා සැඟවිලා තියෙනව කියලයි අපිට හිතෙන්නේ.
මොඩියුල් ක්‍රමයත් එක්කත් ඒවා අනිවාර්යයෙන්ම ගැටගැහෙනවා.
බුද්ධිනී මැඩම් සහ අදාළ ළමයා අතර තියෙන්නේ අඹු සැමි සබඳතාවකට ළඟ එකක්. නිකමට හිතන්න මේ මොඩියුල ක්‍රමයෙන් මේ ළමයට ලකුණු දුන්නොත් බුද්ධිනී මැඩම් එයාට 70% න් කීයක් විතර දෙයිද?
හරිනිගේ අධ්‍යාපන මොඩියුලය යටතේ බුද්ධිනී මැඩම්ලා ගොඩක් ඉදිරියේ පැටව් ගහන්න පුළුවන් ඉඩ තවත් වැඩි වෙනවා. හෙඩ් බෝයි ලා පැටව් ගහන්න තියෙන්නෙත් ඒ සමානම ඉඩක්.
