යෝජිත එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේග සන්ධානයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඉක්මණින්ම හමුවීමක් සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරින් ප්‍රනාන්දු පසුගිය දා එජාප මූලස්ථානය වන සිරිකොත දී මේ බව තහවුරු කළා.
මාධ්‍ය විසින් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසූ ආකාරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂය තුළ උපදේශන කාර්ය භාරයක් සිදු කිරීමට නියමිතය. ඔහු පසුගිය දා මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ දී තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවයි සඳහන් කර තිබුණේ.
මේ අනුව ඉදිරියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගයේ නව සන්ධානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දීමට වැඩි ඉඩක් පවතින බවයි පැවසෙන්නේ. “අපි ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් යෝජනා කර තිබෙනවා. දැන් පන්දුව තිබෙන්නේ සජබ පිටියේ” යැයි හරින් මෙහිදී සඳහන් කර තිබෙනවා.
තවද, එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කළ හැකි බව ද ඔහු කියා සිටියා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සති අන්තයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් සමඟ සාර්ථක සාකච්ඡා වටයක් පැවැත්වූ බව ද වාර්තා වෙනවා.
