ඉතිහාසයේ විරෝධතාවක වාර්තා වූ මාරාන්තිමක සංහාරය ඉරානයෙන් වාර්ත වේ..

දින දෙකක් තුළ ඉරාන පුරවැසියන් 36,500 ක් ඝාතනය වෙලා

ඉරානයේ පවතින විරෝධතා මධ්‍යයේ ජනවාරි 8 සහ 9 යන දිනවල රට පුරා විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කරන ලද මර්දනයකින් ආරක්ෂක හමුදා විසින් ඉරාන ජාතිකයින් 36,500 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවට වාර්තා පළ වෙමින් පවතී.

මෙය ඉරාන ජ්‍යාත්‍යන්තර කර්තෘ මණ්ඩලය විසින් ඉරාන රජයේ රහසිගත ලේඛන හා අනෙකුත් සාක්ෂි ඔස්සේ ගණනය කරනු ලැබූවක් බවයි වාර්තා වන්නේ.

දත්ත තවමත් තහවුරු කර නොමැති අතර එය තහවුරු වුවහොත් මෙය විරෝධතාවයක දින දෙකක් තුළ වාර්තා වූ මාරාන්තිකම සංහාරය වීමට නියමිතය.

ඉරාන ආරක්ෂක ආයතන සහ ක්ෂේත්‍ර වාර්තාවලින් ඉරාන ජාත්‍යන්තරය ලබාගත් දත්ත වලට අනුව මීට පෙර එම මාධ්‍ය ආයතනය අවම වශයෙන් මරණ 12,000 ක් වාර්තා කර තිබුණා.

ලේඛනවලට අනුව, නගර 400 කට වැඩි ගණනක දී ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වී තිබෙනවා. රට පුරා ගැටුම් ස්ථාන 4,000 කට වඩා වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ලේඛනවලට අනුව ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවල අවම වශයෙන් 27,500 ක් වූ මරණ වාර්තා වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයට ලැබුණු බුද්ධි වාර්තාවල එම සංඛ්‍යාව 36,500 කට වඩා වැඩි වී ඇති බව එහි දැක්වෙනවා.

මේ අතර, ඉස්ලාමීය ජනරජයේ අන්තර්ජාල සම්බන්ධතාවයට පැය 400 ක් පුරාවටම බාධා ඇති වූ බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!