මානුෂීය සබඳතා මැනවින් ප්‍රගුණ කළ අනාගත නායකයෙක් නාලන්දයීය දරුවන් අතරින් බිහිවිය යුතුයි.. අගමැතිනිය

මානව සම්බන්ධතා, මනුෂ්‍යත්වය සහ මානුෂීය සබඳතාව නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි තාක්ෂණවේදීන්ගෙන් ඵලක් නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසා තිබෙනවා.

තාක්ෂණය දිනෙන් දින දියුණු වන සමාජයක ඒ මානුෂීය ගති තව දුරටත් වර්ධනය කර යුතු බව ඇය එහිදී අවධාරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ කොළඹ නාලන්ද විද්‍යාලයේ නවෝත්පාදන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

එමෙන්ම ගෞරවනීය මිනිස් සබඳතා හා එකිනෙකාට ගෞරවයෙන් සලකා ගැනීම වැදගත් බව ඇය මෙහිදී කියා සිටියා.

නාලන්දීයයන් අතරින් එකිනෙකා අවබෝධ කරගත් එකිනෙකා කෙරෙහි සහකම්පනයෙන් යුත් අනාගත නායකයින් බිහි වෙනු ඇති බව තමාගේ විශ්වාසය බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරිය මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රචාරයන් පැතිරෙන මොහොතක වීම විශේෂත්වයකි.

අගමැතිවරිය වැඩිදුරටත් එහිදී,

“ඔබ පිරිමි දරුවන්ගේ විද්‍යාලයක් බැවින් මෙය තවත් වැදගත්. අපි සාමාන්‍යයෙන් හිතනවා පිරිමි ළමයි සංවේදී විය යුතු නැහැ කියලා. සහ කම්පනය තිබිය යුතු නැහැ කියලා. නමුත් අද නිර්මාණය වන ලෝකය තුළ ගැහැණු පිරිමි භේදයක් නැතුව මේ ගතිගුණ අපට අවශ්‍ය වෙනව. අපිට ඕන දැනුම තියෙන පුද්ගලයෙක් විතරක් නෙවෙයි. ඒ දැනුමෙන් මිනිස් සමාජයට උපකාරයක් කරන්න පුළුවන් දරුවෙක්.” කියා සිටියා.

Latest News

error: Content is protected !!