බිමල් රත්නායක කියන්නේ විපක්ෂයේ දේශපාලනය කරද්දී හරිම නිවිච්ච මනුස්සයෙක්.
ජවිපෙ දේශපාලනය තුළ තිබෙන සුපුරුදු ආවේගශීලී බව, ආක්‍රමණශීලී බව පවා එතරම් ඔහුගෙන් පිළිබිඹු වුණේ නැහැ.
සටන්කාමී තැන්වල පවා බිමල්ට අනන්‍ය නිවුණු තැන්පත් ප්‍රවේශයක් තිබුණා.
ව්‍යාපෘතිය බලය ලබා ගැනීම නම් ඒකට ඉවසීමෙන් කල් යල් බැලුව දේශපාලනයක් තමයි බිමල්ලා කළේ.
සන්සුන්ව ඉන්න ගමන් පවතින ක්‍රමයට එරෙහිව වෙනත් බලවේග උසි ගැන්වුවෙත් බිමල්ලා.
දැන් බිමල්ලාගේ පස්සෙන් දුවගෙන එන්නේ ඒ බලවේග.
හැබැයි ඒ බලවේග ඔවුන්ට නොරිස්සන ගතියක් තමයි දැන් පෙන්නුම් කරන්නේ.
ඊයේ (26) බිමල්ගේ රේල්වේ ක්ෂේත්‍ර චාරිකාව අතර සිද්ධ වුණෙත් ඒ වගේ දෙයක්.
තමන්ට බලය ලබා ගැනීමට වක්‍රාකාරයෙන් හෝ සගයෝගය ලබා දුන් බලවේග, සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් බිමල්ලාට දැන් නයාට අඳුකොළ වගේ පේන්න පටන් අරගෙන තියෙනවා.
සාමාන්‍ය මනුෂ්‍යයෙක්‍ට පවා ළං වෙන්න බැරි ඈත සීත කඳු බවට ඔවුන් දැන් ගල් වෙමින් ඉන්නවා.
මේක තමයි ජවිපෙ සැබෑ දේශපාලනය. ජවිපෙ තුළ එසේ නොවන වෙනත් කිසිම පාර්ශවයකට ඉඩක් නැහැ.
ආණ්ඩු බලය ගත්ත බිමල්ලාගේ සංයමය, තැන්පත්කම, ආවේගයන් හමුවේ පවා ප්‍රකට කළ නිවුණු බව ගිලිහී යමින් තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ව්දියට පවා බිමල් දැන් නිතරම ඉන්නේ ආවේගයෙන්, කෝපයෙන්.
ඇල්වතුරත් නිවලා බොන බිමල් අතුරුදන් වෙලා.
සංයමයෙන්, තැන්පත් කමින් දීර්ඝ කාලයක් නිහඬව ඉවසීමෙන් උපයා ගත් මිනිස්සු කන්දරාවට ආවේගයෙන් පයින් ගසමින් සිටින බිමල් කෙනෙක් දැන් ඉන්නවා.
නිවුණු බිමල්ට වඩා බොහෝ දේ ප්‍රකෝපකාරී බිමල්ට කළ හැකියි.
ඒත් ඒ බිමල් ගොඩනඟාගත් ජන ප්‍රසාදය නම් අලුත් බිමල්ට දිනා ගත හැකි යැයි අප විශ්වාස කරන්නෙ නැහැ.
එසේ වුවහොත් නිවුණු බිමල්, ප්‍රකෝපකාරී බිමල්ගෙන් පසුව එන්නේ තවත් අවුරුදු තුන හතරකට පසුව දේශපාලන ලෝකයෙන් වඳවී ගිය බිමල් කෙනෙක් විය හැකිය.
