හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා සහ හිටපු අගවිනිසුරුවරයෙකු මෙන්ම හිටපු නීතිපතිවරයෙකු වන මොහාන් පීරිස් මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඔවුන් කොමිසම හමුවට කැඳවා ඇත්තේ කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක ඇති නිවාස ගණනාවක් නීත්‍යානුකූල නොවන ආකාරයට පුද්ගලයින් ගණනාවකට ලබා දීම සඳහා නිර්දේශ ලබා දීමකට අදාළව ප්‍රශ්න කිරීම සඳහාය.
එමෙන්ම ප්‍රශ්න කිරීම, ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන වකවානුවේ සිදු වූ සිදුවීමකට අදාළව සිදු කරන බවයි පැවසෙන්නේ.
මෙම සිද්ධියට අදාළව එවකට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විවිධ නිලතල හෙබවූ උසස් නිලධාරින් ගණනාවකගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසා තිබෙනවා.
එම විමර්ශනවලදී හෙළි වූ තොරතුරු අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
