නාමල් ගිහින් තියෙන්නේ ඉන්දියාවේ ඔඩීෂාවල පැවැත්වුණු “මහා බයි තක්සලාවට”

මේ ඔබ දකින්නේ බයි තක්සලාවේ ප්‍රින්සිපල් කාලිංග විද්‍යාලයේ සිසු පිරිසක් අමතන අවස්ථාවකි.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සියයට තුනට වැටුණු පොදු ජන පෙරමුණට යන එන මං නැති වූ බව කවුරුත් දන්නා කාරණාවකි.

ඊට පස්සේ පොදු ජන පෙරමුණේ දේශපාලන සභිකයකු ලෙස හා නාමල්ගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකේ යාමට බලාගෙන සිටින මිලින්ද රාජපක්ෂලා කළේ සීයට තුනේ බයියන් ෆෝම් කිරීමට ඉරාජ් සමඟ ‘බයි තක්සලාව’ නමින් යූ ටියුබ් වැඩසටහනක් පටන් ගැනීමයි.

වර්තමාන ආණ්ඩුව ෆේල් වන සෑම අවස්ථාවකම චූන් වන බයි තක්සලාව, මේ වන විට 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති පුටුව දක්වා ගෙන යාමේ දේශපාලන න්‍යාය පත්‍රයේ සෑහෙන වැඩ කොටසක් ඉටු කිරීමට මහන්සි වන බව ද පෙනෙන්නට තිබෙන දෙයකි. ඔහුම නිර්වචනය කර ගන්නා ආකරයට මිලින්ද රාජපක්ෂ යනු බයි තක්සලාවේ ප්‍රින්සිපල්ය.

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව ඔඩීෂා ප්‍රාන්තයේ Kalinga Institute of Social Sciences නමැති තාක්ෂණික හා කාර්මික විද්‍යාලයේ දී මෙම බයි තක්සලාවේ විශේෂ රියැලිටි වැඩසටහනක් පැවැත්වීමට අවස්ථාව ලැබී ඇත්තේ ඔය අතරේය.

නාමල් රාජපක්ෂට ඉන්දීය ජන රජ දිනයට සහභාගී වීම සඳහා ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබුණු බව සඳහන් කරමින් නාමල්ව මිලින්දලා විසින් රැගෙන ගොස් ඇත්තේ බයි තක්සලාවේ මෙම විශේෂ වැඩසටහනට බවයි දැන් වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් මෙරට දේශපාලනයේ නායකත්වයට පත් වීමට නම් ඉන්දියාවේ ආශිර්වාදය තිබිය යුතුය යන්න ප්‍රකට මතයකි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එම ධුරයට පැමිණීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසෙකින් සිටියදී ඔහුට ඉන්දියාවෙන් ආරධනාවක් ලැබිණි. පසුව අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඉතින් නාමල්ටත් එවැනි ආරධනයක් ඉන්දියාවෙන් ලැබුණේ නම් එය කෙතරම් ලොකු දෙයක් දැයි කල්පනා කළ නාමල්ගේ න්‍යායචාරීන් විසින් මෙම ඉන්දීය ගමන සැලසුම් කළා ද යන්න මේ වන විට ප්‍රබල ලෙස සංවාදයට ලක් වන්නකි.

වැඩේ කියන්නේ මිලින්දලා විසින් සමගි ජන බලවේගයේ ප්‍රසාද් සිරිවර්ධන සහ චමින්ද්‍රානි කිරිඇල්ලව ද මෙම ගමනට කෙසේ හෝ ඇඳාගෙන තිබීමයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමට යන වෙලේ ප්‍රසාද් හා චමින්ද්‍රානි පොහොට්ටුවේ බයි තක්සලා රැළියකට සහභාගී වී ඇත්තේ ඇයි දැයි පක්ෂ අභ්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ විමසා බැලිය යුත්තකි.

Latest News

error: Content is protected !!