පාසලකට ඕන වුණා ආසියාවේ නැගී එන තරුණ නායකයා ළමයින්ට පෙන්වන්න..
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වත්මන් නායකයා වන නාමල් රාජපක්ෂ ඉන්දියාවට ගියේ ඉන්දීය රජයේ නිල ආරාධනයකට නොවන බව එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසා තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
එම සටහනින් ඔහු පවසා තිබෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා නොකළ බවත් ඔඩිෂා ප්‍රාන්තයේ තරුණ දරුවන් හතළිස් දාහකට එකවර අධ්‍යාපනය ලබාගත හැකි අධ්‍යාපන ආයතනයක් නාමල් රාජපක්ෂට මෙම ආරාධනාව කළ බවයි.
එලෙස ඔහුට ආරාධනා කරන්නට හේතු වුණේ එම අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නාමල් රාජපක්ෂගේ ආදර්ශය පෙන්වීමට බවත් ජානක තිස්සකුට්ටිආරච්චි එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂට ආරාධනාව ලැබෙන්නේ ආසියාවේ නැගී එන සාර්ථකම දක්ෂතම තරුණ දේශපාලන නායකයා ලෙස නම් දරා ඇති නිසා බව ද එහි සඳහන්ය.
