මහලු විය යනු අප කැමතිවුවත් අකමැති වුවත් අප විසින් පිළිගත යුතු යථාර්ථයකි.
අද උපදින දරුවා ද දිනක මහලු වියට ළඟාවේ. ලෝකයේ ලස්සනම ගැහැණිය ලස්සනම මිනිසා ලෙස ඉපදුනද මහලු වියට යා යුතුමය.
බොලිවුඩයේ ග්‍රීක දෙවියන් ලෙස හඳුන්වන රිතික් රෝෂන් ගෙවමින් ස්ටින්නේ ඔහුගේ ජීවිතයේ 52 වැනි අවුරුද්දයි. ඉතින් ක්‍රමයෙන් වයසට යන විට ස්වභාවිකවම උරුම වන ලෙඩ රෝග ඔහුට ද පොදුය.
ජනවාරි 24 වන දින මුම්බායි හි පැවති චිත්‍රපට නිෂ්පාදකවරයෙකුගේ උපන්දිනයට පැමිණි රිතික් සියලු දෙනා පුදුමයට පත් කර තිබුණා. මෙම උත්සවයට ඔහු පැමිණ සිටියේ කිහිලිකරු (crutches) වල ආධාරයෙන් වීම ඊට හේතුවයි.
බොහෝ දෙනෙක් රිතික් එසේ දැකීමෙන් පුදුමයට පත් වූ බවයි වාර්තා වුණේ. කෙසේ වුවත් ඔහු ඒ සම්බන්ධයෙන් පසුව තැබූ සටහනකින් වාර්තා වුණේ දණහිසෙහි පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුට ඇවිදීමට මෙසේ කිහිලිකරු භාවිතා කිරීමට සිදුව ඇති බවයි.
“අපි හැමෝම ජීවත් වන්නේ අපට කිසිදා සම්පූර්ණයෙන් තේරුම් ගත නොහැකි ශරීරවල ය. කෙසේ වෙතත්, මෙය සිත් ඇදගන්නා සුළු දෙයක්. සෑම ශරීර කොටසක්ම පැමිණෙන්නේ තමන්ගේම ON/OFF බොත්තමක් සමඟයි.”
හදිසි බලාපොරොත්තු සුන්වීම සඳහා විශේෂිත වූ ස්නායු වලින් පිරුණු හිසක් සමඟ ඇවිදගෙන යන අහංකාර මිනිසෙක් වූ තමන් මේ වන විට දණහිසේ අබාධායකට ලක්ව සිටින බව ද ඔහු එහි වැඩි දුරටත් සඳහන් කර තිබුණේ හාස්‍යජනක ආකාරයටයි.
ඔහු වේදනාව හාස්‍යයෙන් යටපත් කරන්න හදනවා යැයි එයට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ රසිකයන් පවසා තිබෙනවා.
