ඉන්දියාවේ පාසලෙන් නාමල්ට ආරාධනා කළේ විපක්ෂ නායක කියලා රැවටිලා..?

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව ඔඩීෂා ප්‍රාන්තයේ Kalinga Institute of Social Sciences නැමති විද්‍යාලයේ පැවති සැමරුමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.

Kalinga Institute of Social Sciences විදුහල්පතිවරයා ඔහුගේ ෆේස්බුක් එකේ මෙම සැමරුම් උළෙල පිළිබඳ තැබු සටහන් කිහිපයකම නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙසයි හඳුන්වා ඇත්තේ.

මෙය එම විද්‍යාලයේ ප්‍රධානියා නොදැනුවත්ව ඔහු අතින් සිදු වූ වරදක් ද එසේත් නැතිනම් ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් ඔහු හඳුන්වා දීමේදී සිදු කළ වරදක් ද යන්න පැහැදිලි නැත.

එම අවස්ථාව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයාට ලබා දීමට එම විද්‍යාලයට අවශ්‍ය වූයේ නම් මෙම අවස්ථාව හිමි විය යුතුතේ නාමල්ට නොව ශ්‍රී ලංකාවේ සැබෑ විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාසටය.

Latest News

error: Content is protected !!