රත්නපුර මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුම් කමිටුවේ සභාපතිකම ගංජා චෝදනා එල්ල වූ ශාන්තට…
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් මේ වන විට නීතියට භාරවීමේ සූදානමකින් පසුවන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
ආණ්ඩුව විසින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ගෙන යන විධිමත් ක්‍රියාවලිය හමුවේ ඔවුන් මෙසේ භාරවීමට සූදානම් බව ආරක්ෂක අමාත්‍යවරයා, තමන් ඇතුළු වගකිවයුතු පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඉල්ලුම හා සැපයුම ලෙස වර්ගීකරණය කළ හැකි මෙම මත්ද්‍රව්‍ය ජාලය මේ ආකාරයෙන් සාර්ථකව මැඩලීමට හැකි වූයේ සැපයුම් ජාලය සමඟ පැවති දේශපාලන සබඳතාවය ගිලිහී යාම නිසා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි “රටම එකට ජාතික මෙහෙයුම” මේ වන විට දිස්ත්‍රික්, ආසන සහ ග්‍රාම සේවා වසම් මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක වීම ඔස්සේද මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කළ හැකි වූ බව ඔහු කියා සිටියා.
දැනටමත් සියලුම ග්‍රාම සේවා වසම් තුළ මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කර ඇති අතර, ඊයේ (27) රත්නපුර දිස්ත්‍රික් කමිටුව ස්ථාපිත කෙරුණා.
මෙහි සභාපතිවරයා ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ශාන්ත පද්ම කුමාර මහතා පත් කර තිබෙනවා.
ඉදිරියේදී දිස්ත්‍රික්කයේ ආසන 8 සඳහා ප්‍රාදේශීය කමිටු 8ක් ස්ථාපිත කිරීමට නියමිත බවයි සුනිල් වටගල මහතා සඳහන් කළේ.
දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙම මෙහෙයුමේ අවධානය මදක් ගිලිහුණද, ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත පසුගිය 16 වැනිදා සිට යළිත් මෙහෙයුම ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවා.
