හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පෙනීම අහිමි වෙයි..?

සිරගත වී සිටින පකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ඇස්වලට බරපතල හානි සිදුවීම හේතුවෙන් ඔහුගේ ඇස් පෙනීම අහිමි වී යා හැකි බවට වාර්තා පළ වෙමින් පවතී.

ඔහුගේ රෝග තත්ත්වයන් සඳහා හුදෙකලා සිර කඳවුරේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම තුළ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) ප්‍රකාශයකට අනුව, හිටපු අගමැතිවරයාගේ දකුණු ඇසේ දෘෂ්ටි විතානයේ නහරයක භයානක අවහිරතාවයක් ඇති බවට වාර්තා වී තිබෙනවා.

එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් එය ඔහුගේ ඇස් පෙනීමට ස්ථිර හානියක් විය හැකි බවයි. බන්ධනාගාරයේදී ඔහුව පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයින්ට අනුව, මෙය අතිශය සංවේදී හා බරපතල වෛද්‍ය තත්වයක් බව සඳහන්ය.

73 හැවිරිදි ඉම්රාන් ඛාන් පකිස්තානය තුළ ඉහළම දේශපාලන සිරකරුවෙකු බවට පත් වූයේ 2023 අගෝස්තු මාසයේ සිටය. අධිකරණ නියෝගයක් හමුවේ පවා ඔහුව හමුවීමට කිසිවකුට ඉඩක් නොමැති අතර පසුගිය කාල සීමාවේ ඔහු මිය ගොස් ඇති බවට ද බරපතල සැක සංකා මතු වුණා. කෙසේ වෙතත් PTI පක්ෂය මේ වන විට වහාම වෛද්‍යවරුන්ට ඔහු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා තිබෙනවා.

Latest News

error: Content is protected !!