අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්පත් කර දීමට සබීනා යූසුෆ් සමත් වී තිබෙනවා.
ඒ එම තරගයේ තුන්වැනි ස්ථානය ජයග්‍රහණය කරමිනි.
41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වුණා. සත්කාරක අමෙරිකාවේ තරගකාරිය දෙවැනි ස්ථානයට තේරී පත් වූ අතර මෙම තරගය අවසන් වූයේ මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේය.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියා.
මෙම තරඟය ලොව පුරා විවාහක කාන්තාවන් සඳහා වඩාත්ම කීර්තිමත් ඉතිහාසයක් ඇති තරගයකි.
Final Results of Mrs. World 2025:
Winner: Thailand – Chanita Seedaket Craythorne
First Runner-Up: United States – Paige Ewing
Second Runner-Up: Sri Lanka – Sabina Yousaf
