විවාහයෙන් පිටත ලිංගිකව හැසිණු සහ මත්පැන් පානය කළ ඉන්දුනීසියාවේ අචේ පළාතේ යුවළකට ෂරියා පොලිසිය බ්‍රහස්පතින්දා (29) වේවැල් පහර 140 බැගින් ලබා දී තිබෙනවා.
අචේ යනු ඉස්ලාමීය නීතිය සම්මත කරගත් දැඩි ගතානුගතික කලාපයකි. එහි එම නීති සම්මත කරගත් දා සිට ලබා දුන් දරුණුම දඬුවම්වලින් එකක් ලෙස මෙය සැලකෙනවා.
අචේහි අවිවාහක යුවළක් අතර ලිංගික සම්බන්ධතා දැඩි ලෙස තහනම් කරනු ලැබූවකි.
මෙම දඬුවම ලබා දුන්නේ දුසිම් ගණනින් ජනතාව රැස්වුණු පොදු උද්‍යානයකදීය.
දඬුවම විඳදරාගැනීමෙන් පසු කාන්තාව ක්ලාන්ත වී ගිලන් රථයකට රැගෙන ගිය බව වාර්තා වුණා.
කස පහර 140 ලබා දී ඇත්තේ විවාහ නොවී ලිංගිකව හැසිරීමේ වරදට 100ක් හා මත්පැන් පානය කිරීමට 40ක් වශයෙනි.
2001 දී අචේ පළාතට විශේෂ ස්වයං පාලනයක් ලබා දීමෙන් පසු ෂරියා නීතිය ක්‍රියාත්මක කරනු ලැබුණා. එම නීතිය පැනවීමෙන් පසු පනවන ලද වැඩිම වේවැල් පහර සංඛ්‍යාව මෙය බව පැවසෙනවා.
සූදුව, මත්පැන් පානය, සමලිංගික සම්බන්ධකම් පැවැත්වීම සහ විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඇතුළු විවිධ වැරදි සඳහා අචේහි බොහෝවිට දඬුවම් ලෙස ලබා දෙන්නේ වේවැල් පහර ලබා දීමයි.
සිකුරාදා යාඥා මග හැරීම සඳහා පිරිමින්ටද වේවැල් පහර ලබා දෙන අවස්ථා එහි වාර්තා වෙනවා.
