කලාකරුවෝ ‘‘ඉරාජ් එක්ක බෑ..’’ කියු නිසා ‘රඟහල’ ප‍‍්‍රසංගය නවතා දමයි..

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ලබන 28 වනදා සංවිධානය කර තිබු ‘රඟහල’ සංගීත ප්‍රසංගය මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් නවතා දැමීමට අදාල සංවිධායකයන් අද(21) තිරණය කර තිබේ.

ප‍්‍රවේශපත‍්‍ර ලබාගත් අයට මුදල් ආපසු ගෙවීමටද කටයුතු සලස්වා ඇති බව දැනුම් දේ.

කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල ප‍්‍රධාන කොටගත් ප‍්‍රසංගයක් ලෙස පවත්වන බව මුල් නිවේදන වල දැක්විණි.

නමුත් පසුව සංවිධායකයින් මෙම ප‍්‍රසංගයට ඉරාජ් වීරරත්නවත් ගෙන්වීමට තීරණය කර ඇති අතර, ඉරාජ් වීරරත්න පැමිණීමට විරෝධය පළ කරමින් මොවුන් මෙම ප‍්‍රසංගයෙන් ඉවත්වන බවට සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා තිබිණි.

Latest News

More like this

BTS ඉන්දියාවට…

ලෝක ප්‍රකට K-pop සංගීත කණ්ඩායමක් වන BTS එළැඹෙන 2026...

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...