ගුවන්තොටුපළේ සූදානම බින්දුවයි…
ඉන්දියාවේ බටහිර බෙංගාලය ඇතුළු ඇතැම් ප්‍රදේශවල වාර්තා වී ඇති ‘නිපා’ වෛරසයට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා හෝ ඉන්දියාවෙන් පැමිණෙන මගීන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව උපදෙස් කටුනායක ගුවන්තොටුපළේ සේවය කරන ගුවන් ආරක්ෂණ සේවා නිලධාරීන්ට ලබා නොමැති බව වාර්තා වෙනවා.
තවද කටුනායක ගුවන්තොටුපොළේ සේවයෙන් යුතු වෛද්‍ය නිලධාරීන්ට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් ලබා දී නැහැ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් මාධ්‍ය කළ විමසමකදී ඔහු පවසා ඇත්තේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන නිපා වෛරසය පිළිබඳ ශ්‍රී ලංකාවට මේ දක්වා කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවයි.
මේ නිසා ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ඔහු පවසා තිබෙනවා.
නිපා, වෛරසය මීට පෙර වාර්තා වූ අනෙක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට කිසිදු අවධානමක් නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.
