ඉරානයේ විරෝධතාකරුවන්ට එල්ල කරනු ලැබූ මාරාන්තික මර්දනයට ප්‍රතිචාර වශයෙන් එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය් (IRGC) හෙවත් ‘පස්ඩරන්’ යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
IRGC යනු ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රාථමික ශාඛාවකි.
1979 විප්ලවයෙන් පසු බිහිවූ ඉස්ලාමීය ජනරජයේ දෘෂ්ටිවාදය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවනු ලැබූ හමුදාමය ඒකකයක් ලෙස සැලකෙනවා.
මෙය ඉරාන නිත්‍ය හමුදාවෙන් ස්වාධීනව ක්‍රියාත්මක බළකායකි.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සෘජුවම පිළිතුරු ලබා දෙන ප්‍රභූ මිලිටරි, ආර්ථික සහ දේශපාලන ආයතනයක් ලෙස ක්‍රියාත්මකය.
ඔහුගේ ප්‍රාථමික බලාත්මක කරන්නා සහ දෘෂ්ටිවාදාත්මක භාරකරු ලෙසින්ද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ක්‍රියා කරනු ලබනවා.
ඉකුත් දෙසැම්බර් සහ ජනවාරි මාසවල සති ගණනාවක් පුරා පැවති ඉරාන නොසන්සුන්තාවන් අතරතුර, IRGC ඇතුළු ආරක්ෂක හමුදා විසින් විරෝධතාකරුවන් දහස් ගණනක් මරා දැමූ බවයි මානව හිමිකම් කණ්ඩායම් සඳහන් කරන්නේ.
එක්සත් ජනපදය මෙම මර්දනයට එරෙහිව හමුදාමය මැදිහත් කිරීමක් සිදු කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඉරානය පැවසුවේ වහාම ප්‍රතිචාර දැක්වීමට ඉරාන සන්නද්ධ හමුදා සූදානම් බවයි.
අමෙරිකාව, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා නෞකාවක් වන USS ඒබ්‍රහම් ලින්කන් නෞකාව, එක්සත් ජනපදය අරාබි මුහුද දෙසට යෙදවීමත් සමඟ ආතතීන් තීව්‍ර වුණා.
යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් ඉරානයට නව සම්බාධක පනවා ඇත්තේ මේ අතරයි.
පසුගිය වසරේ දෙසැම්බර් අග සිට දහස් ගණනක් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි ඔවුන් සිතන ඉරාන නිලධාරීන්ට සංචාරක තහනම් කිරීම් සහ ඔවුන්ගේ වත්කම් තහනම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
