කාලය කොයි තරම් වේගයෙන් ගෙවිලා යනවද කියලා හිතාගන්නත් බැහැ.
එහේ බලලා මෙහේ බලනකොට හැමදේම ගෙවිලා ගිහින්.
අපිටත් නොදැනිම කාලෙ ගෙවිලා ගිහින් කියලා හොඳටම දැනෙන්නේ අපි ආදරය කරපු අපේ ලෝකවල වීරයෝ වෙලා හිටිය මිනිස්සු වයසට ගිහින් කියලා දැක්කම.
බොලිවුඩ්වල හිටිය ෆිට්නස්ම නළුවාත් වයසට ගිහින්. ජෝන් ඒබ්‍රහම්..
ඒ සික්ස්පැක් ෆිගර් එකට සමකරන්න ෆිගර් එකක් බොලිවුඩ්වල තිබුණෙ නැති තරම්. මේ නිසාම බොලිවුඩ්වල action-thriller කිව්වම ජෝන් නැතුව බැරිවුණා.
ටික කාලෙකින් ජෝන් කැපීපෙනෙම විලන් කෙනෙක් බවට වුණා. ඒ විතරක් නෙවෙයි හීරෝ කෙනෙක් වගේම රොමෑන්ස්වලදිත් ඔහු අපූර්වත්වයක් එක් කළා.
Dhoom, House Full 2, Race, Madraz Cafe, Vicky Donor කියන්නෙ ජෝන්ගේ ලස්සනම කාලේ එයාව මිනිස්සු අතරෙ හිට් කරපු චිත්‍රපට.
මේ කාලේ කොල්ලො ජිම්වලට බඩ ගෑවේ ජෝන් ඒබ්‍රහම් වගේ ඇඟ හදාගන්න.
ජෝන් වීගන් කෙනෙක්. වීගන් මිනිස්සුන්ටත් නිරෝගීව මේ වගේ බොඩි මේන්ටේන් කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය වුණේ ජෝන්.
ජෝන්ම කියන විදියට ඔහුගේ ප්‍රියතම කෑම පැණි රස කෑම වුණත් දශකයකට වැඩි කාලයක් ඔහු සීනි කටේ තියලවත් නැහැ.
ජෝන්ට දැන් 53යි.
පුදුමෙ කියන්නේ ඒ තරම් තමන්ව මේන්ටේන් කරපු ජෝන් මේවන විට වයසටත් වඩා වියපත් වුණේ කොහොමද කියන එක. මෑතක ඔහු පෙනී හිටිය ඡායාරූපයක් සෑහෙන අවධානයට ලක් වුණේ ඒ නිසා.
ඒ ඡායාරූපය දැක්ක අය පුදුමයට පත් වුණා. දුක් වුණා.
‘ජෝන්ට අසනීපයක්’ කියලා හැමතැනම කතාවෙන්න පටන් ගත්තෙ ඉන්පස්සෙ.
ජෝන්ගේ ෆිට්නස් ගැන කතාකරපු, ඔහුගේ කෑමවේල අගය කරපු, ඒ වගේ වෙන්න හීන දැකපු මිනිස්සුම ජෝන්ගෙ ඩයටින් ප්ලෑන් එක අවුල් වෙලා කියලා කතා කරන්න පටන් අරගෙන.
ජනප්‍රිය මිනිස්සු බොරු කියන බවත් කෑමවලට ලුණු ස්වල්පයක් එකතු කරන්න ඕන බවත් ඒ අය දැන් කියන්න පටන් ගෙන.
ශ්‍රී දේවි හදිසි රෝගී තත්ත්වයකින් මියගියාට පස්සෙත් මිනිස්සු ඒ වගේම කතා කිව්ව මතකද?
ජෝන්ට මොකද වුණේ? ඔහු චරිතයකට සූදානම් වෙනවද? නැත්නම් මත්ද්‍රව්‍ය හෝ වෙනත් එන්නතක් ලබා ගන්නවාද?
සමාජ මාධ්‍යවල බොහෝ අය එහෙම අහලා තිබුණා. කොහොම වුණත් ඇත්තටම ජෝන්ට මොකද වුණේ කියලා නිල වාර්තාවක් කොහේවත් නැහැ.
ඒ නිසා මේ ජෝන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වයද, නැත්නම් චරිතයක් වෙනුවෙන් සූදානම්වීමක්ද කියන එක දැනගන්න නම් ඔහු මේ ගැන කියනකල් ඉන්නම වෙනවා.
