හරිනිගෙ මොඩියුලවල බිල් ගේට්ස්, මස්ක් සමඟ කරට කර තරග කරන ලාංකික ව්‍යවසායකයෝ මෙන්න..

අංක එක ඒ.ටී ආරියරත්න
අංක දෙක සිද්ධාලේප වෙදමහත්තයා
අංක තුන අචලා නංගී..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට සිය දේශපාලන කණ්ඩායම කිසිසේත් විරුද්ධ නොවන අතර සියලු දෙනාගේ මත විමසමින් නිවැරදිව එය සිදු කළ යුතු බව සර්ව ජන ඡන්ද බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.

එහෙත් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිවැරදි නොවන බවත් පිටුවෙන් පිටුවට වැරදි පවතින බව ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණය නවීන ලෝකය සමඟ යාවත්කාලීන වන බව පැවසුවද ඇතැම් කරුණු යල්පැන ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

උදාහරණයක් ලෙස ලෝක ප්‍රකට ලංකාවේ ව්‍යවසායකයින් ලෙස හඳුන්වා දී ඇත්තේ සැබවින්ම ලෝකයේ ශ්‍රී ලාංකික නම තැබීමට හැකි වූ ව්‍යවසායකයින් නොවන බව ඔහු පවසනවා

ඔහු මේ බව සඳහන් කළේ පදවිය ප්‍රදේශයේ උත්සවයක් අමතමිනි.

“නූතන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි කියල අපි කියන්න පටන් ගත්තේ අවුරුදු විස්සකට කලින්. දැඩි ප්‍රතිසංස්කරණ අවශ්‍යයයි. නමුත් කලබලේ ගේන ඒවා, සීයට ආච්චි කියල දාලා, ආච්චිට සීයා කියලා දාලා අන්න අර හෝඩිය පොතේ. මේ පොතේ පිටුවක් පිටුවක් පාසාම තියෙන්නෙ වැරදි. කවුරු හරි කියනවා නම් අපි ආණ්ඩුව කරන වැඩවලට විරුද්ධ වෙනවා, ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙනවා කියලා ඒක මහ ගොන් කතාවක්.

යන්තම් හකුළ ගත්ත හය වැනි ශ්‍රේණියේ මොඩියුලවල තියෙනවා මරු පොතක්. ඒකේ ලෝක ප්‍රකට ව්‍යවසායකයින්ගේ නම් තියෙනවා. අංක එක ඒ.ටී ආරියරත්න. ඒ ටී ආරියරත්න ව්‍යවසායකත්ව වැඩ කරලා තිබුණට ලංකාවේ කවුද හිතන්නේ? ලෝකෙ කවුද හිතන්නේ. මේ උපාලි විජයවර්ධන හිටපු රටේ.. අංක දෙකට දාල තියෙන්නෙ සිද්ධාලේප වෙද මහත්තයා. තුන්වෙනියට දාලා තියෙන්නෙ පොඩි කඩයක් දාගෙන ඉන්නවා අපේ හිතවත් නංගි කෙනෙක් අචලා නංගිව. එයාව දැම්මෙ ඇයි කියලා කතා කරලා ඇහුවම එයා දන්නෙත් නෑ.

ඊළඟට දාල ඉන්නව බිල් ගේට්ස්, වොරන් බෆට්, ඊලොන් මස්ක්..

ලංකාවෙන් ලෝක ප්‍රකට වුණු ව්‍යවසායකයින්‍ට දාලා තියෙන්නෙ ඒ.ටී ආරියරත්නයි, සිද්ධාලේප වෙදමහත්තයයි.

මුන්ට ඔල්මාද.. ඊට වඩා කොච්චර ව්‍යවසායකයෝ ඉන්නවද, සන්නාම තියෙනවද ලංකාවෙන් බිහිවෙලා ලෝකෙම හොල්ලපු.

මේ පොත් බලන කිසිම පොඩි එකෙක්ට ව්‍යවසායකයෙක් වෙන්න බෑ”

Latest News

error: Content is protected !!