ආණ්ඩුව ලොරි ටෝක් දුන්නත් දිට්වාගෙන් පහර කෑ පවුල් 48,000කට තවමත් යන එන මං නැහැ…

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාව තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ගෙන් පීඩා විඳී පවුල් 48,350ක් තම නිවසට පදිංචියට යෑමට නොහැකිව තවමත් නෑයෙකුගේ, මිත්‍රයෙකුගේ හෝ කුලී නිවසක රැඳී සිටින බවත් තවමත් පවුල් 2199ක් අවතැන් කඳවුරුවල රැඳී සිටින බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රකාශ කළ නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගියත් පීඩාවට පත් වූ ජනතාවගේ මානුෂීය අවශ්‍යතා ඒ ආකාරයෙන්ම පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙම වාර්තාවේ සඳහන්ය.

පෝෂදායි ආහාර ලබා ගැනීමට, සේදුම් පහසුකම් ලබා ගැනීමට, බාහිර සාධක හේතුවෙන් පවුල් විසිරීම වැළැක්වීමට මනෝ සෞඛ්‍ය සහ පීඩාවට පත්වූ ළමයින්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය අවශ්‍ය වන බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සුළි කුණාටුව හේතුවෙන් ළමයින් 890,000කගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

ඉන් 822,751 ක් පාසල් යන වයසේ පසුවන දරුවන්ය. ඉන් 68,000ක් පෙර පාසල් යන වයසේ දරුවන් බව වාර්තාව පවසනවා.

තවද දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහ පවුල්වලට අඛණ්ඩව සහාය සැපයීම සඳහා පසුගිය 21 වැනිදා වන විට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 2.ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 65ක් පමණ ) අවශ්‍යව තිබූ බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වාර්තාවේ වැඩිදුරත් සඳහන් වෙනවා.

පසුගිය 21 වැනිදා වන විට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අපාදා තත්ත්වයෙන් පීඩා විඳි ළමයින් සහ පවුල් සඳහා සහාය වීමට ඇමරිකානු ඩොලර් මිලියන 4.73ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 146ක් පමණ ) මුදලක් ලැබී තිබුණු බවත් තවත් අමෙරිකානු ඩොලර් මිලියනයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 30 ක් පමණ ) මුදලක් ලබා දෙන බවට සහතිකයක් ලැබී තිබුණු බවත් එහි දැක්වෙනවා.

දිට්වා සුළි කුණාටුව් අහේතුවෙන් මෙරට ලක්ෂ 12ක ජනතාවට හදිසි ජීවිතාරක්ෂක සහාය අවශ්‍ය වූ අතර ඉන් 527,000ක් ළමයින් බවයි එහි වැදි දුරටත් සඳහන් වෙන්නේ.

Latest News

error: Content is protected !!